23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPදීප ව්‍යාප්ත වෛද්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය.

දීප ව්‍යාප්ත වෛද්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය.

වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය අත්තනෝමතිකව වෛද්‍ය අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින දිස්ත්‍රික් 5 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී.

ඉහත කරුණට අමතරව අද දින රැස්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව පහත ගැටළු නිරීක්ෂණය කරන ලදී.

  1. නිත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම
  2. නිත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම
  3. 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම
  4. රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරදි ක්‍රමවේදයෙන් තොරව සිදු කල කාරණා නිවැරදී කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක නොකිරීම
  5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිළවරණයට අදාල ගැසට් පත්‍රය නිකුත් නොකිරීම
  6. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම
  7. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලිපි ශිර්ෂය භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුල කාණ්ඩ අතර ගැටළු ඇති වන ලෙස වැටුප් සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම

අද දින රැස් වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව හෙට දින (2021.12.21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

කෙසේ නමුත් දිවයින පුරා සියලුම රෝහල් වල වෛද්‍යවරුන් අදාළ රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිසිදු අවහිරයකින් තොරව අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරනු ඇත.

මීට අමතරව සේවාවන්හි සුවිශේෂි බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments