අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64, මිලි ග්‍රෑම් 860ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට
ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) කාත්තන්කුඩි පොලිස්
වසමේ කරෙබේලා අතුරු මාර්ග ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මඩකලපුව ප්‍රදේශයේ වයස අවුරුදු 50 ක
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64, මිලි ග්‍රෑම් 860 යි,යතුරු පැදියක් එහිදි අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී ගම්පොල කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව ටිපර් රථයකින් පස් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරින් තවත් වැටලිමක් සිදුකරමින් ටිපර් රථයකට පස් පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙල්ලිඅඩි කඳවුරේ නිලිධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කළ කැබ්රථයක් නතර කිරීමට ලබාදුන් අණ නොතකා ධාවනය කිරීමේදි පසුපස හඹා ගොස් රියැදුරු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරල ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් දහයක් පමණ භූමි ප්‍රමාණයක් ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයකු හා එම වගාභූමිය සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට වැලිකැණීම් කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් සහ රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව බොරළු පස් කැණීම් කර ප්‍රවාහනයට සූදානම් කර සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් රක්ෂිතයෙන් අනවසර ලෙස කපා ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබු විවිධ ප්‍රමාණයේ යුතු බුරුත දැව කඳන්, ඉරන ලැබු ලෑලි හා කැබ්රථයක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම් 111හි නිලධාරි කණ්ඩායමක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.