22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් නිවේදනයක්.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් නිවේදනයක්.

නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවයින් ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්ද ගාමි වි ඇති බවත් ඉදිරියේදි එම ක්‍රියාවලිව වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංඟයන් මේවනවිටද ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගෙන ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම සමාගම මෙසේ සඳහන් කර සිටියි. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලාංකික දෛනික ගෘහස්ත හා වාණිජ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා .

පෙරේදා (27) වනවිටත් දෛනික අවශ්‍යතාවය සඳහා ගෑස් නෞකා දෙකක් මේවනවිටද පිරවුම් සංකීර්ණයට බාගත කොට ඇත.

ශ්‍රී ලාංකික එල්.පි.ගෑස් වෙළෙඳපොළ අවශ්‍යතාවයන් 80%ක කොටසක් සැපයුම් කරන ලිට්‍රෝ ගෑස් සමාගම මේවනවිටද දෛනිකව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර තිස්දහ හතළාස් දහස අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කොට බෙදාහරින බවත් එම ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (එස්.එල්.එස්) පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට සහ අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය සිදුකරන බව සමාගම දන්වා සිටියි.

මින් ඉහතදී සමාගම මගින් වෙළෙපොළට නිකුත් කරන ලද නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවයින් ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්ද ගාමි වි ඇති බවත් ඉදිරියේදි එම ක්‍රියාවලිව වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංඟයන් මේවනවිටද ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගෙන ඇති බව සමාගම දැනුම් දෙන අතර ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ගෑස් සැපයිම ලබාදිය හැකි බවත් පාරිභෝගිකයින් හට සිදුවන තාවකාලික අපහසුතාවය ගැන කණගාටුවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments