23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික (27) හා (28) වැටලීම් වලදී පූගොඩ

කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර

නැතිව විදේශීය රටක නිෂ්පාදිත

බෝර උණ්ඩ යෙදිය හැකි ගිණි

අවියක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි

පිරිසක් බලපත්‍ර නැතිව වැලිකෑණිම්

කර ට්‍රැක්ටර් රථයකට පටවමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන

ඇත.විශේෂ වැටලීම් ඒකකයේ

(කොළඹ කලාපය) නිලධාරී පිරිසක්

හෙරොයින් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකාය නිලධාරී කණ්ඩායමක් බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුගේ නමට බොරැල්ල පදිංචි කාරියකගේ නමින් එම ප්‍රදේශයේ ලිපිනය සඳහන් තැපැල් මගින් ලැබි තිබු පාර්සලයක් පරීක්ෂා කිරීමේදි එහි තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් (ස්ප්‍රීත්තු)හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැණීම් කර බෝට්ටු දෙකකට වැලි පටවමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පස්සර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගි කරගන්නා ගෝඩා හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් ගංජාහේන් දෙකක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ පිරිසක් බලපත්‍ර නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. රත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments