25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක...

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ‍රුක් රෝපණ වැඩසටහනක් අද (27) ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ සුරක්‍ෂිත ස්වාභාවික පරිසර පද්ධතියක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විවිධ පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, ගිණිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ කඩොලාන සහ තවත් ඉහළ පාරිසරික වටිනාකමින් යුත් ශාක විශේෂයන් කිහිපයකට අයත් පැළ 1200ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීම සිදුකරන ලදී. මෙහිදී පානම කළපුව ආශිතව මල් කඩොල් සහ මහ කඩොල් යන කඩොලාන විශේෂයන්ට අයත් පැළ 500ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීම සිදුකරන ලද අතර, පානම ප්‍රදේශය ආවරණය වන පරිදි තිඹිරි, මී, කුඹුක්, කෝන් සහ නා යන ශාක විශේෂයන්ට අයත් පැළ 700ක පමණ ප්‍රමාණයක් ද මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ රෝපණය කිරීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ගිණිකොන නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments