29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් නව වසර වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා නොමිලේ ඩේටා දීමනාවක්.

SLT-MOBITEL වෙතින් නව වසර වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා නොමිලේ ඩේටා දීමනාවක්.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 නව වසර වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. තම සේවාවන් භාවිතා කරමින් ලබාදුන් සහයෝගය ඇගයීමක් වශයෙන්, පාරිභෝගිකයන්ට රිසි සේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් SLT-MOBITELමෙම දීමනාව හඳුන්වා දී ඇත.

සියලුම SLT-MOBITEL home broadband (SLT-MobitelFibre, SLT-Mobitel ADSL  සහ SLT-Mobitel Home 4GLTE) පාරිභෝගිකයන්ට, (31) (02) දක්වා මෙම දීමනාව හිමි වන අතර,YouTube, Facebook, Telegram, FB Messenger, WhatsApp, Viber, Imo, Instagram සහ Twitter වැනි සමාජ මාධ්‍ය රාශියක් සඳහා මෙම දීමනාව වලංගු වේ.

විශේෂයෙන්ම අද දවසේ ඩිජිටල් තාක්ෂණයට නැඹුරු තරුණ පරපුර අතර සමාජ මාධ්‍ය භාවිතාව වේගයෙන් ඉහළ යමින් පවතී. නව වසර හමුවේ තම හිතමිතුරන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සතුට බෙදාහදා ගැනීමට සූදානමින් සිටින මේ තරුණ තරුණියන්ට  SLT-MOBITEL වෙතින් ලැබෙන මෙම ඩේටා දීමනාව ඉමහත් සහනයක් වනු නොඅනුමාන ය.

ජනතාවට සහනදායී සම්බන්ධතා විසඳුම් පිරිනැමීමටත්, වැඩි පිරිසක් වෙත ඩිජිටල් සේවාවන් සමීප කරවීමටත්SLT-MOBITELසෑම විටම උත්සාහ දරයි. අද දවසේ බෙහෙවින් තරගකාරී වී ඇති දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන්ට ඉහළම තලයේ සේවාවක් සමග මෙවැනි ආකර්ෂණීය දීමනා හඳුන්වා දෙමින්, ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරනු ඇත.

මෙම දීමනාව ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අදාළ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී වැයවන ඩේටා, පාරිභෝගිකයන් මූලික පැකේජ වලට අයත් හෝ අතිරේකව ලබාගත් GB ප්‍රමාණයන්ගෙන් අඩු කිරීමක් සිදු නොවේ.

මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු, 1212 අංකය ඇමතීමෙන්, www.sltmobitel.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ SLT-MOBITEL සමාජ මාධ්‍ය පිටු තුළින් ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments