28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsලංකා ඉන්දියානු සමාගන ශ්‍රී ලංකා පොලිසිය වෙත 0xygen concentrator යන්ත්‍ර දෙකක් ශ්‍රී...

ලංකා ඉන්දියානු සමාගන ශ්‍රී ලංකා පොලිසිය වෙත 0xygen concentrator යන්ත්‍ර දෙකක් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරයි.

කොවිඩ් 19 වසංගතය මත ඇතිවි තිබෙන ගෝලීය වසංගත තත්ත්වය යටතේ එම වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කරනු ලබන මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධරීන්ගේ ප්‍රයෝජනය සඳහා ලංකා ඉන්දියානු තෙල් සමාගම ශ්‍රී ලංකා පොලිසිය වෙත එම යන්ත්‍රය ප්‍රදානය කර ඇත. ඒ අනුව (31) නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේදී මෙම ප්‍රදානය සිදුකර තිබේ. එම රෝහලේ නව ගොඩනැඟිල්ලේ අලුතින් ස්ථාපිත කිරීමට නියමිත වාට්ටුව සඳහා එල්.අයි.ඕ.සි. මෙම වෛද්‍ය උපකරණ ලබාදී ඇත. මේ අවස්ථාවට එම සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ඇතුළු සමාගමේ නියෝජිත පිරිසක් හා සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති ඩබ්.ජේ.පද්මිණි මහත්මිය, පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, වෛද්‍ය සේවා කොට්ඨාශයේ අධ්‍යක්ෂ (පරිපාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.සේරසිංහ මහතා, එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.සී.සී. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වූහ. මෙය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments