21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsගංජා හේන් හා වෙඩිබෙහෙත් කොටන තුවක්කු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ගංජා හේන් හා වෙඩිබෙහෙත් කොටන තුවක්කු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (02) පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

පුවරසන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත වෙඩි කොටන බෙහෙත් තුවක්කුවක් සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ වනාන්තරයට අනවසරයෙන් ඇතුළුවි දම්වැල් කියතක් ආධාරයෙන් අක්කර 1/2ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරිවල නියුතු නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කිරීමේදි සිම්පතක් කිලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් හයක පමණ භූමි ප්‍රමාණයක වගාකරන ලැබු ගංජා හේනක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments