25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරටපුරා සිදුකළ වැටලිම්වලදී නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

රටපුරා සිදුකළ වැටලිම්වලදී නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

එක්ලක්ෂ පනස්දාහකට වැඩි

වටිනාකමකින් යුතු කේරළ ගංජා

සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය

බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන

කඳවුරේ නිලධාරීන්ට ලැබුණු

තොරතුරකට අනුව පොලිස්

පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය

ඇතුළු නිලධාරී කණ්ඩායමක්

(03) ගම්පහ පොලිස් වසමේ

බුලත්කඩේ හංදිය, අස්ගිරිය, ගම්පහ

ප්‍රදේශයේ දී රුපියල් එක්ලක්ෂ

පනස්දාහකට වැඩි වටිනාකමකින්

යුතු කේරළ ගංජා සන්තකයේ

තබාගෙන සිටි වයස අවුරුදු 60ක

පසුවන ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ

පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා ගම්පහ පොලිස් ස්ථානය

වෙත භාර දී ඇත.

කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 01,

ග්‍රෑමි 500 යි,ජංගම දුරකථන 01

යික් හා ඩිජිටල් තරාදියක්

අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය

බලකාය සිය දෛනික වැටලීම්

වලදී (03) පරයතාලන්කූලම්

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

වැටලීමක් සිදුකර හිමිකරුවකු

නැති මෙරට නිෂ්පාදිත බෙහෙත්

කොටන වර්ගයේ තුවක්කුවක්

අත්අඩංගුවට ගෙන ඇත.

සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වැටලීමක් සිදුකොට

මෙතැන්පෙටමින් හෙවත් අයිස්

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ

කඳවුරේ නිලධාරි පිරිසක්

අත්අඩංගුවට ගැනීමකදී රජයේ

වනාන්තර අනවසරයෙන් ඇතුළුවි

කැත්තක් උපයෝගි කරගෙන

අක්කර 1/2ක් පමණ ප්‍රදේශයක

කැලෑව එළි කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකොට නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කිරීමක් සිදුකොට මිලිග්‍රෑම්30ක් හා 35මි.ග්‍රෑ. බරැති හෙරොයින් යැයි සැකකළ හැකි පාර්සල් දෙකක් සහ ලයිටර් දෙකක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කර දුරකතන දෙකක්, සිම්පත් එකක්, ඉයර්ෆෝන් එකක්, බැටරි එකක් හා අඟල් 18.3 ප්‍රමාණයේ සම්පූර්ණ දුම්කොළ තුනක් සමග සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීමේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීම් තුනකදී හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් (කසිප්පු) ලීටර් තිහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් සැකකටයුතු අයකු පරීක්ෂා කිරීමේදි කැනබීස් සැටයීවා එල් නොහොත් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments