29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සර්ව ආගමික ආශිර්වාද මැද නව වසරේ සුභ...

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සර්ව ආගමික ආශිර්වාද මැද නව වසරේ සුභ මොහොතින් රාජකාරි අරඹයි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සර්ව ආගමික වතාවත් සිදු කරමින් නව වසරේ රාජකාරි ඇරඹිම ගුවන් හමුදාධිපති ප‍්‍රධානත්වයෙන්.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව උදාවු 2022 නව වසර වෙනුවෙන් රාජකාරි ඇරඹීම වර්ෂයේ ප‍්‍රථම රාජකාරි දිනය වු (03 ) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු විය.

මෙහිදි ගුවන් හමුදාධිපති විසින් විඩියෝ තාක්ෂණය ඔස්සේ සියලුම ගුවන් හමුදා කඳවුරු වල සාමාජිකයන් අමතා 2022 නව වසරට සුභ පැතුම් එක් කිරිමෙන් අනතුරුව ප‍්‍රකාශකර සිටියේ සාමුහිකව කටයුතු කිරිම මගින් 2021 වසරේදි සුවිශේෂි අභියෝග රැසක් ජය ගැනිමට ගුවන් හමුදාවට හැකි වු බවත් 2022 වර්ෂයේදි ද දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරමින් දේශය ගොඩනැගිම සදහා උරදිමට සියලු ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් දිවිහිමියෙන් කැපවි කටයුතු කළ යුතු බව ප‍්‍රකාශ කර සිටියේය.

උදාවූ 2022 නව වසර වෙනුවෙන් ගුවන් හමුදා සමාජිකයින්ට මෙන්ම ශ‍්‍රී ලංකා වාසීන්ට හා ලෝකවාසීන් හට සෙත් පතා ( 02) වන දින ස්ර්වරාත‍්‍රික පරිත‍්‍රාන පිරිත් දේශනයක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි මහ නායක නාහිමිපානන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වු අතර එම නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම (03) උදෑසන ගුවන් හමුදා මුලස්ථානයේදි පවත්වන ලදි. මෙයට සමගාමිව ගුවන් හමුදාධිපති ගේ උපදෙස් මත ශ‍්‍රි ලංකාව පුරා පිහිටි සියලුම ගුවන් හමුදා කඳවුරු මගින් ස්ර්වරාත‍්‍රික පරිත‍්‍රාන පිරිත් දේශනාවන් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා උදෑසන දානය පිරිනැමිම සිදු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments