ලියාපදිංචි නොකල රථ වාහන ගිණි
අවි මත්දුව්‍ය සමග පුද්ගලයකු
විශේෂ කාර්ය බලකායේ
නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන
කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම්
ඒකකයේ නිලධාරීන්ට නීති විරෝධී
මත්ද්‍රව්‍ය ජාවාරම්කැවෙකු
සම්බන්ධයෙන් ලැබුණු
තොරතුරකට අනුව විශේෂ වැටලීම්
ඒකකයේ (කොළඹ කලාපයේ)
ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරින්ෂක ඩි.එස්. කුලසේකර
මහතාගේ අධීක්ෂණය යටතේ
පොලිස් පරින්ෂක බි.එස්.ඊ.එච්.
මෙන්ඩිස් ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් හබරාදූව පොලිස්
වසමේ හැඩිවත්ත, හබරාදූව
ලිපිනයේ පිහිටි ඩවුන් සවුත් බීච්
කබානා හොටෙල්”දී
වැටලීමක්
සිදුකර
දින 03ක විශේෂ කාර්ය
බලකාය නිලධාරීන්ගේ
ආවේක්ෂණ රාජකාරියකින්
අනතුරුව (06) හෙරොයින් ග්‍රෑම්
17 ක් හා චීනයේ නිෂ්පාදිත T54
TOKAREV වර්ගයේ
(7.62×25) උණ්ඩ යෙදිය
හැකි අර්ධ ස්වයංක්‍රීය පිසිතෝල
අවියක් හා එම අවිය සදහා භාවිතා
කරනු ලබන හිස් මැගසින් 02 ක්ද,
ලියාපදිංචි නොකල යමහා 1000
cc වර්ගයේ අධිවේගී
යතුරුපැදියක්, අධිශීතකරණයක්
සහිත ලොරි රථයක්, KDH
වර්ගයේ වෑන් රථයක් හා මුදලින්
රු: 56500/= ක් සමග හබරාදූව
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක
කාර්යාංශය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය සිය දෛනික
වැටලීම්වලදි(06) අරලගංවිල
කඳවුරේ නිලධාරි පිරිසක් හා
වලාමණ්ඩිය යුධ හමුදා බුද්ධි
ඒකකයේ නිලධාරි පිරිසක් සමග
ඒකාබද්ධව පුපුරණ ද්‍රව්‍ය තොගයක්
අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණේ කඳවුරේ නිලධාරි
පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. මහඔය
කඳවුරේ 69 හංදියේ මාර්ග
බාධක රාජකාරි නියුතු නිලධාරි
පිරිසක් බලපත්‍ර කොන්දේසි
උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය
කරමින් සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ
නිලධාරි පිරිසක් බලපත්‍ර
කොන්දේසි උල්ලංඝණය කර වැලි
ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින්
දෙදනකු ට්‍රැක්ටර් රථ දෙකක්
අත්අඩංගුවට ගෙන ඇත. මහඔය
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය
කරකර කැණීම් කළ වැලි ට්‍රැක්ටර්
රථයකට පටවමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරි
පිරිසක් බක්මිටියාව
තිඹිරිගොල්ලෑව රක්ෂිතයට
අනවසරයෙන් ඇතුළුවි පුරාවිද්‍යා
වටිනාකමක් ඇති ස්ථානයක් බවට
සැකකරන ස්ථානයක කැණීම්
කරමින් සිටි සිව්දෙනකු
අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ කඳවුරේ නිලධාරි
පිරිසක් බලපත්‍ර නැතිව ස්කැනර්
යන්ත්‍රයකින් භූමිය පරීක්ෂා කරමින්
සිටි දෙදනකු එම ස්කැනර් යන්ත්‍රය
සමග අත්අඩංගුවට ගෙන ඇත.
වව්නියාව කඳවුරේ නිලධාරි
පිරිසක් ඇටඹගස්කඩ අලුත්වැව
ප්‍රදේශයේදි සැකකකරවකු නැති
වෙඩි බෙහෙත් කොටන බඳින
තුවක්කු හතරක් හා ඊයම් මූනිස්සම්
25ක් අත්අඩංගුවට ගෙනතිබේ.
අනුරාධපුර කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් හා සුරාබදු ඒකකයේ
නිලධාරි පිරිසක් ඒකාබද්ධව නීති
විරෝධි මත්පැන් පෙරමින් සිටි
අයකු උපකරණ සමග අත්අඩංගුවට
ගෙන ඇත. අරලගංවිල කඳවුරෙ
නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව
ස්ථානයකින් ටිපර් රථ දෙකකට
වැලි පටවමින් සිටි අයකු දෙදනක
අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ
බන්ධනාගාර කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නෝට්ටු දෙකක් හා
අඟල් පහක් දිග දුම්කොළ
කැබැල්ලක් සඟවාගෙන සිටි
රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්ගම කඳවූරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් එකසිය පහක් ළඟ තබා ගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවර එළියේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි ලෙස ත්‍රීරෝද රථයකින් වල් ඌරුමස් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් තහනම් දුම්කොළ මිශ්‍ර මාවා ළඟ තබා ගැනීමේ වරද යටතේ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් නිවසක් තුල නිදන් වස්තු සෙවීමේ අරමුණ ඇතිව කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පර්චස් විස්සක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු උස අඩි දෙකක්වන ගංජා පැළ 500ක හේනක් සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ.