පූගොඩ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
කුමාරිමුල්ල ජල පොම්පාගාරය
අසලදී බලපත්‍ර නැතිව වැලි
ප්‍රවාහනය කළ අයකු ටිපර් රථය
සමග (06)අත්අඩංගුවට ගෙන ඇත.
වැලිකඩ බන්ධනාගාර කඳවුරේ
නිලධාරි පිරිසක් බොරැල්ල පොලිස්
වසමේ වැලිකඩ බන්ධනාගාර
සංකීර්ණයේ බන්ධනාගාර දොරටුව
අසලදී ගුද මාර්ගයේ සූක්ෂම ලෙස
දුම්කොළ කැබලි සඟවාගෙන
පැමිණි රැඳවියකු අත්අඩංගුවට
ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ
නිලධාරි පිරිසක් වෙල්ලාවලි
පොලිස් වසමේ තික්කෝඩ
ප්‍රදේශයේදී දැව මඩුවක් තුල තිබු
බලපත්‍ර නැතිව දැව කඳන් හා ඉරන
ලැබු ලෑලි තොගයක් අත්අඩංගුවට
ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ
නිලධාරි පිරිසක් වාලච්චේන
පොලිස් වසමේ, කිරිමිච්ච
ග්‍රාමසේවා කොට්ඨාශයේ , කිරිමිච්ච
ප්‍රාදේශයේදී බලපත්‍ර නැතිව වැලි
ප්‍රවාහනය කරමින් සිටි අයකු
ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට
ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ
නිලධාරි පිරිසක් ධර්ම පුරම් පොලිස්
වසමේ කල්ලාරුපාර, උලවනුර්
ප්‍රදේශයේදි සැකකරුවන්
නොමැතිව පසුගිය යුධ සමයේ
භාවිත කර ඇති අතහැර දමන ලැබු
මි.මි.60 මෝටාර් උණ්ඩයක්
සොයාගෙන ඇත. කිලිනොච්චිය
කඳවුරේ නිලධාරි පිරිසක් එම
පොලිස් වසමේ පරන්තන් එම
ප්‍රධාන මාර්ගයේ කි.මි.257වන
කණුව අසල ප්‍රදේශයේදී
සැකකරුවන් නැතිව පසුගිය යුධ
සමයේ භාවිතා කර අතහැර දමන
ලැබු තව මිමි. 60 උණ්ඩයක්
සොයාගෙන තිබේ. මුලතිව්
කඳවුරේ නිලධාරි පිරිසක්
මුල්ලියවේලි පොලිස් වසමේ
පුදම්වයල් ප්‍රදේශයේදී
අනවසරයෙන් තේක්ක දැව කපා
ඉරණ ලැබු ලී පාලු ඉඩමක සඟවා
තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් බුලත්සිංහල පොලිස්
වසමේ ඕපල්ල ප්‍රදේශයේදි ගෝඩා
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම
කඳවුරේ නිලධාරි පිරිසක්
කොස්වත්ත පොලිස් වසමේ
දඹුවත්ත මායිම ප්‍රදේශයේදී නීති
විරෝධි මත්පැන් හා එම පෙරීමේ
උපකරණ ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම කඳවුරේ නිලධාරි පිරිසක්
තණමල්විල පොලිස් වසමේ නාලිය
වනය ප්‍රදේශයේදි වියළි ගංජා ළඟ
තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක්
කරදියනාරු පොලිස් වසමේ
කෝඩුවාමඩු නීති විරෝධි ලෙස
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය
කරමින් වැලි පටවා ප්‍රවාහනය
කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු
හා ටිපර් රථ තුනක් අත්අඩංගුවට
ගෙන ඇත. වාලච්චේන කඳවුරේ
නිලධාරි පිරිසක් එම පොලිස්
වසමේ වට්ටවාන් සහ පුනානි
පුදේශවලදි නීති විරෝධි ලෙස
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය
කරමින් වැලි පටවා ප්‍රවාහනය
කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු
ටිපර් රථ දෙකක් සහ ට්‍රැක්ටර්
රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
වාකරේ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
සාලම්බාකූලම් කැලෑබද
ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන්
හා ඒවා පෙරීමට ගන්නා උපකරණ
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ
කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම
පොලිස් වසමේ සාලම්බාකූලම්
කැලෑබද ප්‍රදේශයේදි ගෝඩා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ
නිලධාරි පිරිසක් රාගම පොලිස්
වසමේ තලගොල්ල,රාගම යන
ස්ථානයේ කේරළ ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. පුත්තලම කඳවුරේ
නිලධාරි පිරිසක් කල්පිටිය පොලිස්
වසමේ කල්පිටිය අධිකරණය
ආසන්නයේදී සැකකරුවන් නැතිව
කේරළ ගංජා තොගයක්
අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව්
කඳවුරේ නිලධාරි පරිසක්
කරදියනාරු පොලිස් වසමේ
කෝඩුවාමඩු ප්‍රදේශයේදි නීති
විරෝධි ලෙස බලපත්‍ර කොන්දේසි
උල්ලංඝණය කරමින් වැලි
ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු සහ
ටිපර් රථ දෙකක් අත්අඩංගුවට
ගෙන ඇත.