26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවිශේෂ කාර්ය බලකායේ ප්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරි වරියක් ඇතුළු සහකාර...

විශේෂ කාර්ය බලකායේ ප්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරි වරියක් ඇතුළු සහකාර පොලිස් අධිකාරි වරුන් නවයක්.

ජාතික ආරක්ෂාව හා නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා දැක්වූ විශේෂ කුසලතාවන් මෙන්ම සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තු⁣වෙි සහ විශේෂ කාර්ය බලකායේ මෙන්න ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත රාජ්‍ය සේවා කොමිෂන් සභා විසින් මෙම පත්වීම් සිදු කර ඇත. විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 52 කින් සහ නිලධාරිනියන් දෙදෙනකුගෙන් මෙම තෝරාගැනීම් සිදු කෙරුණු අතර ඒ අතරින් සියලු දක්ෂතා දක්වා තිබු නිලධාරීන් අටකට සහ නිලධාරිනියකට මෙම උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්වූ නිලධාරියන් වන්නේ ඩී. එස්. කුලසේකර, ඩබ්.ඒ.පී. සම්පත් කුමාර, අයි.එස්.ටි. පෙරේරා, ඩබ්.ඩී.එස්
ද සිල්වා, කේ.ජී.ජී.ජී. නිශාන්ත, ඊ.ඒ.එම්. දයාරත්න, කේ.ඩී.ජී.සී. ගුණරත්න, ඒ.පී.ඊ.පී. කුලරත්න. මීට අමතරව ඒ කාන්තාව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙන අතර ඇය එන්. ටි.එන්. කුමාරි නිළධාරිනි යයි. එහි විශේෂයක් වනුයේ විශේෂ කාර්ය බලකායේ ප්‍රථම සහකාර පොලිස් අධිකාරිවරිය ඇය වීමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments