29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගංජා කිලෝ 5,788ක් ආයුර්වේදයට භාරදීම, මත්ද්‍රව්‍ය,වැලිකැණීම් ඇතුළු තවත් ජාවාරමුන් අත්අඩංගුවට ගැනීම එස්.ටී.එෆ්....

ගංජා කිලෝ 5,788ක් ආයුර්වේදයට භාරදීම, මත්ද්‍රව්‍ය,වැලිකැණීම් ඇතුළු තවත් ජාවාරමුන් අත්අඩංගුවට ගැනීම එස්.ටී.එෆ්. මෙහෙයවීමෙන් සිදුවෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී ((01) ලාහුගල හා සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අක්කර හතරක භූමි ප්‍රමාණයක වගාකාර තිබු ගංජා හෙනක් අත්අඩංගුවට ගෙන වැඩිදුරට විස්තර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පසුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගය මත එම අමු ගංජා කිලෝ 5,788ක් ගුවනින් රැගෙනවිත් (06) ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත භාරදි තිබේ.

හොරණ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් එකසිය හැත්තෑ නවයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරී පිරිසක් මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස රක්ෂිතයට ඇතුළුවි මුවකු මරා මස් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් තිබු දැව තොගයක් තිදෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. සමන්තුරය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැකටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් හැටක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් පහක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථ වලට පටවමින් සිටි පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව වැලි කෑණිම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කිරීමේදී ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි දුම්කොළ කැබැලි සමග රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් පහක භූමි ප්‍රමාණයක් වගාකර තිබු ගංජා හේනක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් සිදුකර නීති විරෝධි මත්පැන් හා මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා උපකරණ ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments