25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ගිනි අවි, මත්ද්‍රව්‍ය හා කැලෑපාළුවන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි ගිනි අවි, මත්ද්‍රව්‍ය හා කැලෑපාළුවන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් හා උණ්ඩ සමග පුද්ගයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව, තල්අරඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස කෙසෙල් පඳුරක් යට වල දමා තිබු නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් ආකාරයෙන් සකසන මෙම ගිනි අවිය හා මිලි මීටර් 9 උණ්ඩ 02 ක් සමග 31 හැවිරිදි පුද්ගලයකු (17) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගිනි අවිය සඳහා එකවර මිලි මීටර් 9 උණ්ඩ 05 ක් යෙදිය හැකි අතර අත්අඩංගුවට ගත් සැකකරු කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු කුමන අරමුණකින් මෙම ගිනි අවිය භාවිතා කරන ලද්දේ ද යන්න වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මාහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථා කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිය තවත් දෛනික වැටලීම්වලදී (16) හා (17) දෙදින තුලදී අලුත්ගම කඳවුරේ නිලධාරී පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 33ක් හා මිලිලීටර් 750ක් සහ ගෝඩා ලීටර් 180ක් සමග පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයට භාරදී තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් බන්ධනාගාරය තුලට රැඳවියන් ඇතුළු කිරීමට පෙර සිදුකරන ලැබු සෝදිසි කිරීමකදී ගුදමාර්ගයේ සූක්ෂම ලෙස සඟවාගෙන එන ලැබු විවිධ ප්‍රමාණවලින් යුතු දුම්කොළ කැබලි 25ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර දෙවනපෙල ජේලර්වරයකු වෙත භාරදි තිබේ. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් මඩුපොලිස් වසමේ වලංගු බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු හා ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මඩුපොලිස් ස්ථානයන වෙත භාරදි තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කැකිරාව පොලිස් වසමේ රත්මල් කන්ද රජයේ කැලෑව අනවසරයෙන් ඇතුළුවි අක්කර 1/2ක් පමණ භූමි ප්‍රමාණයක් එලිපෙහෙළි කරමින් සිටි ිඅයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කැකිරාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන කේෂත්‍ර සහකාර නිලධාරියකු වෙත භාරදි තිබේ.වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු ලීටර් 17ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. එම කඳවුරේම නිලධාරීන් තවත් වැටලිමක් සිදුකොට නීති විරෝධි ස්ප්‍රීතු ලීටර් 35ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර නැති රජයේ ඉඩමක අනවසරයෙන් ඇතුළුවි අක්කර එකක පමණ භූමි ප්‍රමාණයක ලෝඩර් යන්ත්‍රයක් උපයෝගි කරගනිමින් එලිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.කුරුණෑගලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පන්සියගම පොලිස් වසමේදි හෙරොයින් ග්‍රෑම් එකක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පන්සියගම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. එම කඳවුරේ නිලධාරි පිරිසක් තවත් වැටලීමක් සිදුකොට පොතුහැර පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් විස්සක් ළඟ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොතුහැර පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් සෙවනගල පොලිස් වසමේ බලපත්‍ර නැතිව ජංගම ඉරුම් බංකුවක් මගින් බුරුත දැව ඉරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිලධාරි වෙත භාරදි ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලිලීටර් 11,250ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. රත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 16.5ක් පෙරමින් සිටි අයකු එම මත් පෙරීමට යොදාගන්නා උපකරණද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව ගව ඝාතනාගාරයක් පවත්වාගෙන යෑම සහ මීගව මස් කිලෝ 17ක් හා ග්‍රෑම් 825ක් අලෙවිය සඳහා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments