25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅයිස් හා හෙරොයින් ජාවාරමුන් පොලිස් අත්අඩංගුවට.

අයිස් හා හෙරොයින් ජාවාරමුන් පොලිස් අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක සුලමුල හෙලිදරව් කර ගැනීමට ඉකුත්(17) සිදුකළ පොලිස් වැටලීම්වලදී හැකිවි තිබේ.

ඒ අනුව තලෙයිමන්නාරම පොලිස් වසමේ රෝහල මාර්ගයේදි පොලිස් නිලධාරින්වෙත ලැබුණු තොරතුරක් අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් හා ග්‍රෑම් විස්සක් ළඟ තබාගෙන මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හා සැකකාරිය වයස අවුරුදු 34ක් හා 55ක්වේ. ඔවුන් තලෙයිමන්නාරම පදිංචිකරුවන්වේ. (18) මන්නාරම අධිකරණයට මොවුන්ව ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊරට්පෙරියකුලම් පොලිස් වසමේදී එම නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකොට හෙරොයින් ග්‍රෑම් 06ක් හා මිලි ග්‍රෑම් 500ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 28ක්වන අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනුරාධපුර පොලිස් වසමේ සේනානායක මාවත ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් හයක් හා මිලිග්‍රෑම් 408ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු විසිඅටක් වන අතර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් හයක් මිලිග්‍රෑම් දෙසීයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. සැකකරු වයස අවුරුදු හතළියක් වන අතර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments