29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ (19) සන්ධ්‍යාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැණ්නා ආයතනය මගින් අද (2022 ජනවාරි 19) සන්ධ්‍යාවේ තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ සුක්‍ෂම ලෙස ප්ලාස්ටික් ඇසුරුමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ එහි සිටි සැකකරුවෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයටගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 04ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයටගත් සැකකරු වයස අවුරුදු 18 ක් වන ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයටගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත. එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා තලෙයිමන්නාරම පොලිසිය විසින් ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments