26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්කාලයක් මුළුල්ලේ ගෙනගොස් ඇති විදේශ මුදල් ජාවාරමක් රේගු නිලධාරින් සොයාගනී.

කාලයක් මුළුල්ලේ ගෙනගොස් ඇති විදේශ මුදල් ජාවාරමක් රේගු නිලධාරින් සොයාගනී.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලැබු විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කණ්ඩායම අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු අයත් වූහ . මොවුන් (19) emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්හ . වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය . අත්අඩංගුවට ගන්නා ලැබු මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා diram 75000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි . අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments