23.1 C
Sri Lanka
Tuesday, August 12, 2025
Homeදේශීය පුවත්police newsකසළ තේ ජාවාරමක්, වැලි හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

කසළ තේ ජාවාරමක්, වැලි හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී කසළ තේ කිලෝ ග්‍රෑම් 5,189ක් ළඟ තබාගෙන සිටි අයකු ගම්පොල තේ කොමසාරිස් කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකරනු ලැබු මෙහෙයුමකදී එම පොලිස් වසමේ දස්කර. මුරනගහමුල යන ස්ථානයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ළඟ තබාගෙන සිටිද්දි මෙම කසළ තේ තොගය (19)අත්අඩංගුවට ගෙන ඇත.

පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පරිසක් මඩුපොලිස් වසමේ රක්ෂිතයේ පන්ඩිපිරිච්චාන් ප්‍රදේශයේ තිබි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් අයියන්කූලම් පොලිස් වසමේ අමදිපුරම් ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් සාම්පූර් පොලිස් වසමේ අම්මාන්නගර්,කලෑබද ප්‍රදේශයේ ඉකුත් යුදසමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් අතහැර දමාගොස් ඇතැයි සැක සිතිය හැකි මි.මි. 60 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක් සොයාගෙන තිබේ. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ ආමුට්ටුවාන්, කරදඔය ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ට්‍රැක්ටර් රථයක් කරදඔයට ඇතුළුකර වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මාන්කේනි ග්‍රාමසේවා වසමේ වෙල්ලාමච්චේන ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් හුංගම පොලිස් වසමේ සමාධිගම, පොරඩි හංදිය ප්‍රදේශයේදි හෙරොයින් මිලිග්‍රෑම් 660ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායමක් වීරකැටිය පොලිස් වසමේ ගොඩකඳුරුවෙල, ඉත්තදෙමලිය, වලස්මුල්ල යන ස්ථානයේදි කේරළ ගංජා ග්‍රැම් දෙසීයක් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම යන වැරදි යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි පිරිසක් මැදවච්චිය පොලිස් වසමේ ඉකිරිගොල්ලෑව, රඹෑව ස්ථානයේ රික්කාන් ස්ටෝර්ස් ආයතනය අසලදි අයිස් මිලි ග්‍රෑම් 1,150 ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ හිලරියන් ෆාම්, මහින්ද විද්‍යාලය අසලදි හෙරොයින් ග්‍රෑම් 5,390ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් සීගිරිය පොලිස් වසමේ තෙන්නකෝන් මාවත , ඇහැලගල, සීගිරිය ස්ථානයේ පිහිරි පාළු නිවසක පිටුපස වැසිකිළියේ ප්ලාස්ටික් වතුර බෝතලයක දමා තිබු මි.මි.7.62 * 39 ජීවඋණ්ඩ 354ක් සොයාගෙන තිබේ. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස්වසමේ තලවකැලේ නගරයේදි තහනම් දුම්කොළ මිශ්‍ර මාවා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments