රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති ගංජා සමග මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සහ කැබලි කරන ලද වියලි ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ හමිබන්තොට කළාපයේ කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එචි.ඒ.වි. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ උඩවලව ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි අයි.එස්.ටි. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක පි.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) අම්බෙගමුව පොලිස් වසමේ උඩවලව ජාතික වන උද්‍යානය තුල පොකුණතැන්න ප්‍රදේශයේ දී සහ තණමල්විල පොලිස් වසමේ අරඹේකෙම, කිරිවාඩිය ඉදිරිපිට නුවන්ගේ නිවසේ දී වැටලීම් 05ක් සිදුකර ගංජා හේන් 03 ක්ද සමග මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සහ කැබලි කරන ලැබු වියලි ගංජා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 25, 45, 27 සහ 30ක් වන බලංගොඩ, තණමල්විල සහ මිද්දෙනිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සිවි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හමිබෙගමුව පොලිස් ස්ථානය වෙත සහ තණමල්විල පොලිස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර ඇත.
එහිදි කැබලි කරන ලැබු වියලි ගංජා කිලෝ 732 ග්‍රෑම් 325 යි
,හේන් තුනක වගාකර තිබු ගංජා ගස් 12,940 යි,මෙරට නිෂ්පාදික බෙහෙත් කොටන තුවක්කුවක්,වතුර මෝටර් යක්,අඩි 100 ක් දිග රබර් හෝස් එකක්, අත්අඩංගුවට ගන්නාලද ගංජා තොගයේ දළවටිනාකම රැපියල් කොටියකට වැඩි වටිනාකමකින් යුක්තව ඇත