21.5 C
Sri Lanka
Monday, June 9, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුවට වසර දෙකක් ගෙවුණත් එළිදැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙනුණේ අද වන විට...

ආණ්ඩුවට වසර දෙකක් ගෙවුණත් එළිදැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙනුණේ අද වන විට රටේ වර්තමාන ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික සමාජයීය අර්බුදයයි. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා .

පහුගිය අයවැය විවාදය අවසන් වුණාට පසුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කළා .එහිදී ජනාධිපතිතුමා පසුගිය අඟහරුවාදා නැවත පාර්ලිමේන්තුව පටන් ගැනීමේදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූවා. එතුමා වසර දෙකක් මේ රට පාලනය කර අවසන් නමුත් ජනාධිපතිතුමාගේ කතාව ඇහුවම අපට පෙනුණේ අද වන විට රටේ වර්තමාන ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික සමාජයීය අර්බුදයයි

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ‍ෙ (21) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය…………

ඒ වෙනුවෙන් කිසිදු විසඳුම් ක්‍රියාවලියක් ලබා දෙන බවක් හෝ ආණ්ඩුව ගත්ත සැලසුම් සහගත තීන්දු තීරණ මොනවද ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන්න කිසිම දෙයක් සඳහන් වුණේ නැති බවයි .ආණ්ඩුව මේ අවුරුද්ද පටන් ගැනීම ආණ්ඩුවේ ගමන් මඟ හා ආණ්ඩුව කොහොමද මේ තිබෙන ආර්ථික ගැටලු නිරාකරණය කරන්නේ ඒ සදහා ගන්න ක්‍රියාමාර්ග ගැනත් පැහැදිලි කිරීමක් නැහැ.

මේ ආණ්ඩුව බලයට එන්න කලින් අපිට අභියෝග කලා කවදාවත් ඡන්දයක් කල් දානේ නැහැ කියලා නමුත් ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගත්තෙම මේ රටේ ජනතාවගේ ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය යටපත් කරලා. එම ප්‍රජා අයිතිය ජනතාවගේ මූලික අයිතියක් එය යටපත් කරගෙන තමයි ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගත්තේ මේ අවුරුද්දේ පටන් ගන්න තිබුණු ලබන මාසයේ කාලය අවසන් වන පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට ජනාධිපතිතුමා ක්‍රියා කළා. ඒ තුළම ජනාධිපති 2022 අවුරුද්ද පටන් ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකින් මොකක්ද මේ ඡන්දය කල් දාන්න හේතුව අපි දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉන්න උදවිය ඇවිත් කියනවා වැඩ කරන්න වුණේ නැහැ කියලා එසේ නම් ඒ කතාව පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් වේදිකාවේ කියන්න පුළුවන් වසර දෙකක් කෝවිඩ් තිබුණා එම නිසා වසර දෙකක් දික් කරන්න කියන්න පුළුවන් එය පිළිගන්න බැරි තර්කයක් මොකද පළාත් පාලන ආයතන වලට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන කොට මේ රටේ කෝවිඩ් වසංගතය උච්චතම අවස්ථාවක තිබුණේ එතකොට මේ රටේ සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නීති විශාරදයන් සියල්ල කිව්වා පාර්ලිමේන්තු මැතිවරණය මාස 6කට කල් දමන්න කියලා එය රටේ ඇතිවෙලා තියෙන තත්වයේ නිසා ඡන්දයකට සුදුසු නැහැ කිව්වා නමුත් අපි දැක්කා ආණ්ඩුව කෝවිඩ් වසංගතය උච්චතම අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් නොදමා තමන්ට තුනෙන් දෙකක් ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ඡන්දයට ගියා හැබැයි අද ඡන්දය පවත්වන්නේ නැහැ .එයට වෙනත් කාරණා කියනවා ඒ තුලින් අපට පැහැදිලි වෙනවා ජනාධිපති තුමාගේ වසර දෙකක කාලය තුල ආපසු හැරිල බැලුවම එම පාලනය අසාර්ථක වෙලා තිබෙන බව ඒ කිසිදු ආකාරයේ කිසිම අංශයක වර්ධනයක් පෙන්නුවේ නැති කාලයක් එම නිසා අද ජීවන බර වැඩිවෙලා ජනතාවට දරා ගන්න බෑ ආදායම් මාර්ග අහිමි වෙලා රැකියා අහිමි වෙලා කුෂිකර්මාන්තය සම්පූර්ණ විනාශ වෙලා මෙවැනි කාරණා නිසා ආණ්ඩුවට බැහැ ඡන්දයකට යන්න එයට මුහුණ දෙන්න බය නිසා තමයි අවුරුද්දකින් පළාත්පාලන මැතිවරණය කල් දැම්මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට ජනතාවට දුන් පොරොන්දුවක් තමයි වෙලාවට මැතිවරණ තියෙනවා ඡන්ද කල් දානේ නැහැ කිව්වා එහෙම කියපු පිරිස අද බලයට ඇවිත් පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන එක පවත්වන්නේ නැතුව වසරකින් කල් දමනවා ඒ තුළ පේනවා අවුරුදු දෙකේ ආණ්ඩුව සාර්ථක වෙලා තියෙන බව ජනාධිපතිතුමා ගේ පාලනය අසාර්ථක වෙලා එම නිසා ජනතාව අතරට ඡන්දෙ ඉල්ලගෙන යන්න බැරි නිසා තමයි ඡන්දය කල් දැම්මේ එම ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධයි එසේනම් ආණ්ඩුව මේ වසර පටන් ගත්තෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකින් බවත් මේ මොහොතේ මතක් කරනවා.

ඊයේ ඉදන් විදුලි අර්බුධය පටන් ගත්තා එහිදී විදුලිය පැය දෙකක කාලයක් කපන බවට තීන්දුවක් ගත්තා එහිදී එය විවිධ ප්‍රදේශවල සිදු වුණා අපි දැක්කා පහුගිය දවස් වල විදුලිබල ඇමතිවරයා හා තෙල් භාර ඇමතිවරයා අතර විශාල වාද විවාද සිදුවුණා ගම්මන්පිල ඇමති ඩොලර් ඉල්ලනවා ඉදිරි බල ඇමති IOC සමාගමේන් තෙල් ඉල්ලනවා අපට පේනවා විශාල අර්බුදයකට ලක් වෙලා දැන් ආණ්ඩුවේ අර්බුදය එළියට ඇවිත් ඇමතිවරුන් දෙදෙනා අතර සිදුවෙච්ච වාග් ප්‍රහාරයෙන් පෙනුනේ ආණ්ඩුව ඒ තරම් අර්බුදයක ඉන්නා බවයි කැබිනට් ඇමතිවරු හැටියට සාමූහික වගකීම දරා ගැනීමට නොහැකි වීමත් පහුගිය දවස් වල ගම්මන්පිල ඇමතිතුමාගේ කථාවලින් ගාමිණී ලොකුගේ ඇමතිතුමාගේ කතාවලින් හොඳින් පෙනුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments