22.3 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්police newsඅබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය,ගල් වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය,ගල් වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට වාලච්චේන යුධ හමුදා කදවුරේ බුද්ධි අංශය මගින් ලබා දෙන ලද තොරතුරකට අනුව දෙවන දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) වාලච්චේන පොලිස් වසමේ කල්කුඩා මාර්ගයේ දී වැටලීමක් සිදුකර අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කල්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 460 යි,ත්‍රිරෝද රථයක්, (EP ABS 2660) අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (24) ගෝනහේන කඳවුරේ පිරිසක් මට්ටක්කුලිය පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 141 ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙස එළ ගවයින් දොළහක් ටාටා වර්ගයේ කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු කැබ් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පුවසන්කූලම් කඳවුරේ නිලධාරී පිරිසක් එම පොලිස් වසමේ යාන්ත්‍රික දම්වැල් කියතක් භාවිතා කර රක්ෂිතයෙන් අනවසරයෙන් ඉරන ලැබු පළු දැව කැබලි 07ක් සහ බුරුත දැව කඳන් 02ක් සමග දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කිළිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් පලෙයි පොලිස් වසමේ බලපත්‍රයක් නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටරයක් රථයකට පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් මුතුර් පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 440ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් මකුළුගස්වැව පොලිස් වසමේ ගොම්මොට්ටාව රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි නිත්‍යානුකූල බලපත්‍රයක් නැතිව ස්කැවේටර් යන්ත්‍ර හතරක් සහ ටිපර් රථයක් උපයෝගි කර ගනිමින් පස් හා කළු ගල් කැණීම් කර ප්‍රවාහනය සඳහා කටයුතු කළ පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් ඇහැළියගොඩ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් සහ ගෝඩා ලීටර් 135ක් උපකරණ සමග ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් අවිස්සාවේල්ල පොලිස් වසමේ ලැබුණු තොරතුරකට අනුව සහ එය අදාල මහජන පෙත්සමකට අනුව සිදුකරනු ලැබු සෝදිසියකදි නීති විරෝධි මත්පැන් ලීටර් 25.5ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් අගුණකොළ පැලැස්ස පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් හතළියක් තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments