25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක් හේතුවෙන් වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.

පෙර වස්විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් අද දිනයේ සිහිපත් කෙරෙයි.

මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කර සෝවාන් ඵලය ලබාදීමද සිදුව ඇත්තේ අදවන් වප් පුර පසළොස්වක පොහොය දිනකය. 

ථූපාරාමයේ සිදුකළ විනය සංඝායනාවද අද වැනි දිනෙක සිදුවු බව ඉතිහාසයේ සඳහන් වේ. 

එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි මහා අරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ථුපාරාමයේ දී විනය පිඨකය සජ්ඣායනා කිරීම අද වැනි පුන් පොහොය දිනක සිදුව තිබේ.

මේ අතර, තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මේ පොහොය දිනයේදී ය.

පවතින වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ විහාරස්ථානවල කඨින පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව කඨින චීවරය සඟ සතුකොට පුජා කිරීමේ දී භික්ෂූන් වහන්සේ පස් නමක් සහ ගිහි පිරිස 25ත් 30ත් අතර පිරිසකට සිමා කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

උත්සවය සඳහා පැමිණෙන සියලුදෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කළ යුතු අතර කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවීම ද අවම දායක පිරිසකගේ සහභාගිත්වයෙන් කළ යුතු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments