ශ්‍රී ලංකා රේගුව විසින් ජාත්‍යන්තර රේගු දිනය සැමරීම අද දින සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවා. එම උත්සවය ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතාගේ ආරාධනයෙන් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවූහ.
යුරෝපීය රටවල් 17 ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952 රේගු සහයෝගිතා කවුන්සිලය වශයෙන් ස්ථාපනය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර සංවිධානය ඉතා ඉක්මනින් මුළු ලෝකය පුරා ප්‍රචලිත වූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේ දී එහි සාමාජිකත්වය ලබාගත්තේය. 1994 වර්ෂයේ දී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නැවත නම් කෙරුවා. රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියම් රටේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරනු ලබනවා.
මෙවර ජාත්‍යන්තර රේගු දිනයේ තේමාව වශයෙන් “දත්ත සංස්කෘතික පරිසරයක ඩිජිටල්ගත රේගු ක්‍රම වේදයක් තුළින් නව ප්‍රගමනයකට” වශයෙන් ලෝක රේගු සංවිධානය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.
(26) දින පැවති උත්සවය ඇමතූ යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා………… ශ්‍රී ලංකා රේගුව මේ වන විට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් තම සේවා සැපයීම ප්‍රශංසාවට ලක් කරනු ලැබුවේය. මෙම උත්සවයේ දී කතා කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා…….. ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහයෝගිතාවෙන් කටයුතු කිරීම හරහා රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය විස්තර කළේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතා මෙම උත්සවය අමතමින් ශ්‍රී ලංකා රේගුව මේ වන විට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් තම සේවා සැපයීමේ දී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ව විස්තර කළේය. තවද, ලෝක රේගු සංවිධානයේ මහ ලේකම් ආචාර්ය කූණියෝ මිකුරියා මහතා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රගමන අගයමින් සහ රේගු දිනය වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් පණිවිඩයක් ඒවා තිබුණේය.
මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාව වූයේ රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් රටේ ආර්ථික දියුණුවට දායකවූ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු රේගුවේ අභිවෘද්ධියට කටයුතු කළ රේගු නිලධාරීන් තිස්පස් දෙනෙකුට ලෝක රේගු සංවිධානය ලබා දෙන සහතික පත් ප්‍රදානය කිරීමයි. එම සහතික පත් ඇමැති නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු අතින් එම නිලධාරීන් වෙත ප්‍රදානය කළහ.


