29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මෙම වර්ෂයේ අවසානයට ප්‍රථම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ලබාදීමට අපි උපරිම උත්සහ...

මෙම වර්ෂයේ අවසානයට ප්‍රථම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ලබාදීමට අපි උපරිම උත්සහ දරනවා. ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස්

අපේ උපරිම උත්සහය විදුලිය විසන්ධි නොකර ඉදිරියට යෑමයි ඒ සඳහා ක්‍රමෝපායන් තමයි අපි සොයන්නේ- ඇමැති ගාමිණි ලොකුගේ

මෙම වර්ෂයේ අවසානයට ප්‍රථමව අලුත් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාව රටට ලබාදීමට අපි උපරිම උත්සහ දරන බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙළට ඝෘජුව සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්ර කාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය………
“අද ප්‍රවෘත්තියක් පලවෙලා තිබෙනවා විරුද්ධ පක්ෂ නායක සජිත් ප්රේතමදාස මැතිතුමා ප්‍රකාශයක් කරලා අද රට මුහුණපාන අභියෝග මධ්‍යයේ එක්තරා විදිහක ආඥ්ඥාදායකත්වයක් සුදුසුයි කියලා. මම දන්නෑ නිවැරදි ප්‍රවෘත්තියක්ද කියලා. හැබැයි එහෙම ප්‍රකාශයක් කළා නම් අපි ඒ අදහස කිසිසේත් අනුමත කරන්නේ නෑ. අද රටේ පමණක් නොව ලෝකයේ පවතින කොවිඩ් 19 වසංගතය පිළිබඳ තත්වය අපේ රජයේ කිසිසේත් හේතුවක් හෝ සාධකයක් හැටියට ඉදිරපත් කරන්නේ නෑ ආඥ්ඥාදායකත්වයක් ඇති කිරීමට. අපේ දර්ශනයට ඒක සම්පූර්ණයෙන් පටහැනි.එහෙම කිසිම දෙයක් කිරිමට අපි උත්සහයක් දරන්නේ නෑ. සම්පූර්ණයෙන්ම අනවශ්යය දෙයක් ඒක. ප්රසජාතන්ත්රපවාදය තුළ අපේ රටේ අභියෝග ජයගැනීමට ගෝඨාභාය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට සැලැස්මක් හා හැකියාවක් තිබෙනවා. එයට හොඳම නිදර්ශනය තමයි එන්නත්කරණය. අද ලෝකයම පිළිගන්නවා ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශයින් සාර්ථකයි කියලා.ඒ නිසා තමයි මේ ප්රිමාණයට මේ රෝගය අපේ රට තුළපාලනය කරගැනීමට හැකිවෙලා තිබෙන්නේ.හැබැයි ඒ මාත්රාේ තුන දීම කළේ සම්පූර්ණයෙන්ම ප්රපජාතන්ත්රහවාදි ව්යුකහයක් තුළයි. ඒ නිසා අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා ආඥ්ඥාදායකත්වයක්, ප්රපජාතන්ත්රහවාදි නිදහස්වලට පටහැනිව ක්රියයා කිරීම ඒ අගයන් ආකල්පයන්ගෙන් බැහැරවීම කිසිසේත් උචිතත් නෑ අවශ්‍යත් නෑ කියලා.
හැබැයි අපේ යම් යම් අඩුපාඩු හදාගන්න ඕන. නව වසරක් උදාවන මොහොතේ පසුවිපරම් කිරීම අපේ සංස්කෘතියට සම්පූරණයෙන්ම අනුකූල දෙයක්. අපේ අඩුපාඩු හදාගන්නවානම් අවශ්යර සුදුසු ක්රිංයාමාර්ග නම්, ආණ්ඩුක්ර්ම ව්ය්වස්ථාව තුළ අතිගරු ජනාධිපතිතුමා හැම ඇමතිවරයෙක්ටම විෂය පථයක් භාර දිලා තිබෙනවා. එනයින් කාර්ශයක්ෂම ආණ්ඩුවක් ගෙනයාම සඳහා අත්යගවශ්යම දෙයක් තමයි ඇමතිවරු තමන්ට භාර දී තිබෙන විෂය පථයට සීමාවෙලා ඒ සීමාව තුළ උපරිම ශක්තිය යොදලා ප්රෙතිපල පෙන්වන්න ඕන. එහෙත් එක ඇමතිවරයෙක් අනිත් ඇමතිවරයාගේ විෂය හා විෂය පථය පිළිබඳව ප්‍රසිද්ධියේවිවේචනය කිරීම, අදහස් ප්‍රකාශ කිරීම නිසි පාලන තන්ත්‍රයකට ගැලපෙන ක්‍රිමාර්ගයක් වන්නේ නෑ. සාමුහික වගකීම කියන්නේ රජයේ සියලු තීරණ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරු කොටස්කරුවන් වගකීම භාරගත යුතුයි. දැන් එහෙම කරනවානම් අපිට ඉතිරිවෙලා තිබෙන කාලය තව අවුරුදු 03 ක් තිබෙනවා. සමහර අය කතා කරන්නේ හෙට අනිද්දා මැතිවරණයක් තිබෙනවා කියලා.ඒ අවුරුදු 03 නිසිපරිදි පාවිච්චි කරමින්, අපි අවංක ක්රිියාමාර්ගයකට යනවා. ඒ අවුරුදු 03 කාලය තුළ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්ය් දැක්ම වැඩපිළිවෙළ ක්රිමයාත්මක කිරීමට අපිට ඕනරම් අවකාශ තිබෙනවා. ඒ නිසා අපි දැන් කලයුත්තේ මේ අවුරුදු 03 උපරිම ලෙස පාවිච්චි කරන්න ඕන සාමුහිකව ඇපකැපවීම තුළයි.මේ සඳහා අපි සියලු දෙනා ඒකා මෙන් කැපවෙන්න කියන ආයාචනය තමයි මම කරන්නේ.

ඒ වගේම අලුත් අවුරුද්දට යම් යම් නැවුම් වැඩපිළිවෙළක් තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්රගකාශ කළා අලුත් ආණ්ඩුක්ර්ම ව්යයවස්ථාවක් අපේ රටට ලබා දෙනවා කියලා. මේ සඳහා විද්වත් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුවේ වැඩකටයුතු දැන් අවසාන වෙමින් පවතිනවා.මෙය මාසයක් දෙකක් යනකොට ඒක සම්පූර්ණ කරලා ඒ විද්වත් කමිටුව සකස් කරන යෝජනා රජයට ඉදිරපත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ විද්වත් කමිටුව විසින් රජයට ඉදිරිපත් කරන යෝජනා ඉන්පසුව පාර්ලිමේන්තුවේ සමාලෝචනයට භාජනය විය යුතුයි.ආණ්ඩුක්රසම ව්ය වස්ථාව පරම්පරා ගාණක් පවතින නිතියක්. එහෙම නිතියක් සාර්ථක වීමට නම් පූළුල් එකගත්වයක් තිබිය යුතුයි. සියලුම දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙළට ඝෘජුව සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ වැඩපිළිවෙළට අපේ විශේෂ ප්රගමුඛත්වයක් ලබාදෙනවා. මේ වර්ෂයේ අවසානයට ප්රාථමව බලාපොරොත්තුවෙනවා අලුත් ආණ්ඩුක්රේම ව්යරවස්ථාව රටට ලබාදීමට. අපි උපරිම උත්සහය දරනවා.ඒ ක්රිොයාධාමය තුළ වැදගත් දේ තමයි මැතිවරණ ක්ර්මය වෙනස් කිරීම.”

එහිදි අමාත්යම ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්,
“අද සමාජයේවිදුලිය පිළිබඳවවිශාල කතාබහකට ලක්වෙලා තිබෙනවා. සමහර පිරිස් ප්‍රකාශ කරනවා විදුලිය විසන්ධි කරනවා කියලා. රජයත් අපිත් උත්සහ කරන්නේ විදුලි විසන්ධි කිරීමකින් තොරව යන්නයි. ඒකට අවශ්‍ය කටයුතු තමයි සම්පාදනය කරන්නේ.
අපේ විදුලිබලය ලබා ගන්නා ප්රුධානම අවස්ථා දෙක තමයි ජල විදුලිබලය සහ ගල් අඟුරු බලාගාරය. මේ අර්බුදයට මුහුණ දෙන්න සිදු වුණේ මේ දවස්වල ගල් අඟුරු බලාගාරය 300 ධාරිතාවයකින් තිබෙන එක යන්ත්‍රයක් ක්‍රියාවිරහිතවෙලා එය නඩත්තු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ යන්ත්රා්ගාරය මේ 25, 26 වන විට නැවත ජනනය කරන්න පුළුවන් තත්වයකට පත් කරන්නට. ඒ කාලය තුළදි අපිට ඒ අඩුව පිරිමහා ගත්තේ කැළණිතිස්ස බලාගාරයෙන්, සපුගස්කන්ද බලාගාරයෙන් හා ලක්දනව් බලාගාරයෙන්. නමුත් පහුගිය දවස්වල මේවට අවශ්‍ය ඉන්ධන හිඟයක් මතු වුණා. නමුත් ඒ ඉන්ධන හිඟය අපිට මෙක්ට්රි.න්ටොන් 10,000 ක් තෙල් සංස්ථාවෙන් ලබා දුන්නා. දැවිතෙල් ලබා දුන්නා. දැන් අපි එය පවත්වාගෙන යන අතර ඒ ලැබිච්ච ප්‍රමාණය අවසන්වී ගෙන යනවා. අපි බලාපොරොත්තුවෙනවා රජයත් සමඟ කතා කරලා ඒ අඩු දැවි තෙල් ටික ලබා ගන්න.
අපේ සමහර පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා මේ බලාගාරවල ගිවිසුම් අත්සන් කරලා වැඩි මිලකට මේ විදුලිය ගන්න. නමුත් අපි රජයක් හැටියට කල්පනා කරන්නේ වියදම අඩුවෙන් මේ කටයුත්ත කරන්න. අපි මේ දවස්වල කැළණිතිස්ස බලාගාරය, සපුගදස්කන්ද බලාගාරය ඒවා පාවිච්චි කරලා ඒවලින් වුවමනා ප්ර්මාණයෙන් විදුලිය ලබා ගෙන විදුලි විසන්ධි කිරීමකින් තොරව කටයුතු කරන්න. වෘත්තිය සමිති නායකයින්, ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජිකයෝ හට වුවමනා වෙලා තිබෙන්නේ විදුලිය දෙන්න නොවේ විදුලිය කෙසේහරි කප්පාදු කරන්න. නමුත් අපේ බලාපොරොත්තුව අපි රජයක් හැටියට මහජනයාටඅවහිරයක් නැතිව නොකඩාව විදුලිය ලබා දෙන්නයි.
ඒ එක්කම විදුලි කප්පාදුවක් කරන වේලාවක් නැතිව විදුලිය විසන්ධි කරයි කියලා හිතනවා සමහර පිරිස්. නමුත් අපි විදුලිය විසන්ධි කිරීමක් හදිසියේ සිදු වුණොත් විදුලිය කපන වේලාව දැනුවත් කරලා තමයි සිදු කරන්නේ. පහුගිය සතියේම අපිට පුළුවන්කමක් ලැබුණා විදුලි කප්පාදුවකින් තොරව යන්න. අපිට ගල් අඟුරු බලාගාරයෙන් විදුලිය පැමිණියාට පසු අපිට මේ මාසයේ කිසිම කරදයක් නැතිව විදුලි කැපීමකින් තොරව යන්න පුළුවන් වෙනවා. ඒකට අවශ්ය කටයුතු තමයි අපි මේ සම්පාදනය කරන්නේ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments