නීති විරෝධී ලෙස වගා කරන ලද
ගංජා වගාවන් 05 ක් විශේෂ
කාර්ය බලකාය නිලධාරීන්
අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
උපදෙස් හා නායකත්වය යටතේ
විශේෂ කාර්ය බලකාය හපුතලේ
කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු
තොරතුරකට අනුව පොලිස්
පරීක්ෂක යු.එස්. උදයකුමාර ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක් (24)
තණමල්විල පොලිස් වසමේ
ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශයේ
දී වැටලීම් 05ක් සිදුකර පැය
නවයක කාලයක් තුල අවස්ථා 05
කදී සිදුකරන ලද මෙහෙයුම් වලදී
විශේෂ කාර්ය බලකාය හපුතලේ
කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය,
මස්කෙළිය සහ තලවකැලේ
කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම්
සමඟ ඒකාබද්ධව විශේෂ කාර්ය
බලකාය මූලස්ථාන කඳවුරේ ඩ්‍රෝන
කැමරා අංශයේ නිලධාරීන්ගේ
සහයෝගය ඇතිව සිදුකරන ලද
මෙහෙයුම් වලදී තණමල්විල
පොලිස් වසමේ ගල්කොටුකන්ද
රක්ෂිත ප්‍රදේශයේදී නීති විරෝධී
ලෙස වගා කරන ලද ගංජා වගාවන්
05 ක් සැකකරුවන් නොමැතිව
අත්අඩංගුවට සාම්පල් වශයෙන් ගස්
10 බැගින් වැඩිදුර විමර්ශන
කටයුතු සදහා තණමල්විල පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.ඉතිරි
සියල්ල ගිනි තබා විනාශ කර
ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ
වනුයේ ගංජා ගස් 11,700 යි.
අරලගංවිල කඳවුරේ නිලධාරි
පිරිසක් එම පොලිස් වසමේ
ඇල්ලේ වැව ප්‍රදේශයේ දි අයිස්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.දෙනියාය
කඳවුරේ නිලධාරි පිරිසක් පිටබැද්දර
පොලිස් වසමේ දන්කොලුව හන්දිය
ප්‍රදේශයේදි බලපත්‍ර නැතිව ටිපර්
රථයකින් වැලි ප්‍රවාහනය කරමින්
සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක්
කොස්ගම පොලිස් වසමේ
හද්දුවත්ත ප්‍රදේශයේ කැලණි
ගඟේදි අනවසරයෙන් මැණික්
ගරමින් සිටි පුද්ගලයින් තිදෙනකු
එම උපකරණ සමග අත්අඩංගුවට
ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මැගසින් බන්ධනාගාර දොරටුවේදි සෝදිසියට ලක්කල නව සිරකරුවෙකු තහනම් භාණ්ඩ තම ඇඳ සිටි කලිසම් සාක්කුවේ සූක්ෂම ලෙස සඟවාගෙන බන්ධනාගාරය තුලට අනවසරයෙන් රැගෙන යෑමට තැත්කළ අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන ඇත. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරී පිරිසක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් හා එම ඥාතීන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කරන ස්ථානයේදි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදි ඔහු ඇඳසිටි කලිසම් සාක්කුවේ සූක්ෂම ලෙස සඟවාගෙන බන්ධනාගාරය තුලට අනවසරයෙන් තහනම් භාණ්ඩ රැගෙන යෑමට උත්සහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් සමග ඒකාබද්ධව සිදුකරනු ලැබු මෙහෙයුමකදි දමන පොලිස් වසමේ බක්මීටියාව රක්ෂිතයේ මොරණ වැව ප්‍රදේශයේදි නීති විරෝධි ලෙස වගාකරන ලැබු හේනක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් පූඬළුඔය පොලිස් වසමේ කොත්මලේ රක්ෂිතයේ මාලු තොටුපොළ අසල මාර්ගයේදි බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිළිනොච්චිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පුදිකඩිඉරිප්පු පොලිස් වසමේ විශ්වමඩු බටහිර ප්‍රදේශයේදි පසුගිය යුධ සමයේ භාවිතා කර අතහැර දමනු ලැබු මෝටර් උණ්ඩයක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ තරාල බුලත්ඛාන ප්‍රදේශයේදි කැලණි ගඟේදි අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනකු එම උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබේ.