26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය සේවකයෝ වෙසින් ආ කොල්ලකරුවෝ

සෞඛ්‍ය සේවකයෝ වෙසින් ආ කොල්ලකරුවෝ

මහව පොලිස්වසමේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් එම නිවසේ තිබූ පවුම් තුනහමාරක පමණ ස්වර්ණාභරණ කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (29) සවස 3.30 පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා ඔවුන් එම කොල්ලය සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

PCR පරීක්ෂණ සිදුකළ යුතු බව පවසා යම් බෙහෙත් පෙත්තක් අදාළ නිවැසියන්ට පානය කිරීමට සැලැස්වීමෙන් පසු එම මංකොල්ලය සිදුකර ඇතැයි වාර්තා වේ.

එය පානය කිරීමෙන් පසු සිදුවු කිසිවක් නිවැසියන්ට මතක නොමැති අතර, ඔවුන්ට සිහිය ලැබී ඇත්තේ අද (30) උදෑසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments