23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමේ වසරේ රුපියල් මිලියන 1683ක් වෙන් කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ නව ව්‍යාපෘති...

මේ වසරේ රුපියල් මිලියන 1683ක් වෙන් කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ නව ව්‍යාපෘති රැසක් දියත් කෙරේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාගේ මැදිහත්වීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග ව්‍යාපෘති ,ජල ව්‍යාපෘති ,වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 1683 ක මුදලක් වෙන් කර ඇති අතර මුලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටලු වලට විසඳුමක්  ලෙස යෝජිත මාර්ග 14ක් ද, ඊට අමතරව මාර්ග 02 ක් ද, සංවර්ධන කිරිමට නියමිතය.මීට අමතරව පාසල් මාර්ග සංවර්ධන කිරිමට පියවර ගෙන ඇත. මාර්ග ව්‍යාපෘති සඳහා  රුපියල් මිලියන218ක් වෙන් කර තිබේ.

මහජනතාව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්නයක් වන බීමට අවශ්‍ය නිසි පිරිපහදු කරන ලද ජලය නොමැති කමට විසදුමක් ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පිරිදි ජල ව්‍යාපෘති 05 ක් දියත් කර ඇත.ඒ සඳහා රුපියල් මිලියන 1393 ආසන්න මුදලක් වෙන් කර තිබේ.

කෘෂිකර්මාන්ත දියුණු කිරිම උදෙසා වාරි මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 72කට ආසන්න මුදලක් වෙන් කර ඇත.මහින්දාගම ප්‍රධාන ඇල හා මහසෙන්පුර වැව වැඩිදියුණු කිරිම  මුලික කරගෙන මේ වන විට වැඩ ආරම්භ කිරිමට සැළැසුම් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments