23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් ලක්ෂ හයක වටිනාකමකින් යුත් විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් විශේෂ කාර්ය...

රුපියල් ලක්ෂ හයක වටිනාකමකින් යුත් විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ හයක වටිනාකමකින් යුත් විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩි.සී.ආර්. රාජපක්‍ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) කටුනායක පොලිස් වසමේ, A4 හොලිඩේ ඉන්, 55/A, ගංගාරාම පාර, ආඩිඅම්බලම යන ස්ථානයේ දී නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ හයක වටිනාකමකින් යුත් VAT 69 බෝතල් 74 ක්, RED LABEL වර්ගයේ මත්පැන් බෝතල් 12 අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී කතරගම කඳවුරේ නිලධාරීන් පිරිසක් වීරවිල පොලිස් වසමේ එම හන්දිය අසලදී විදේශීය රටක නිෂ්පාදිත 0.38 මි.මි. රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් අතුරුගිරිය පොලිස් වසමේ ජයන්තිපාර, අතුරුගිරිය යන ස්ථානයේ හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් සියපත් සෙවන ,ආරමය පාර, දෙමටගොඩ යන ස්ථානයේ අයිස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් කිරිඳිවැල පොලිස් වසමේ නඩුවත්ත හන්දියේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර පස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කනගරායන්කුලම් පොලිස් වසමේ කොල්ලපුලියන්කූලම් ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ පුලියන්පොක්නෛ ඇල ප්‍රදේශයේදි බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ලොරි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් මඩුපොලිස් වසමේ මඩු රක්ෂිතයේ සින්නවලයන්කට්ටු ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථයකට පැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් වි.කා.බ. නුවර එළිය කඳවුරේ නිලධාරි පිරිසක් ඒකාබද්ධ සිදුකරන ලැබු මෙහෙයුමකදී තණමල්විල පොලිස් වසමේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු අඩි05ක් පමණ උස ගංජා ගස් වගාවක් අත්අඩංගුවට ගෙන ඇත. ශාස්ත්‍රවේල කඳවුරේ නිලධාරි පිරිසක් පානම පොලිස් වසමේ වදගම ප්‍රදේශයේදී මුවමස් කිලෝග්‍රෑම් 05ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බෝගමුයාය ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර පනිජ්ජා ඔය තුලට ඇතුළු කර බෝට්ටුවේ සිට ට්‍රැක්ටර් රථයට වැලි පැටවීම යන වැරදි යටතේ දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සමන්තුරය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නෛනකඩු ගොවිපොළ මාර්ගයේ අස ගල්ඔය ගඟ තුලට බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථයක් ඇතුළුකර වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයට පටවිමන් සිටි අයකු අත්අඩංගුව ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ පුදුමණ්බන්නඩි කදිරෛමඩු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස කදිරෛමඩු ඇල තුලට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලි කැණීම්කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ පුලාකොඩු ග්‍රාමසේවා වසමේ පොණ්ඩුවච්චේන ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර මාදුරු ඔය තුලට ට්‍රැක්ටර් රථ තුනක් ඇතුළුකර වැලි පිටවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් මහඔය තුල බලපත්‍ර නැතිව වැලි කැණීම් කර බෝට්ටුවකට පටවමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු සහ බලපත්‍ර නැතිව වැලිකැණීම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගල්කිරියාගම පොලිස්වසමේ හවන්වැල්ල ඔය ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ පිරිසක් කටුගස්තොට පොලිස් වසමේ කහල්ල තැපැල් කාර්යාලය අසලදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් දිඹුලපතන පොලිස් වසමේ බෙරමාන, බෙල්ටන් ප්‍රදේශයේදි නීති විරෝධි ලෙස නිධන් කැණීම් කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments