කේරළ ගංජා සහ මත්පෙති සමග
පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය
අත්අඩංගුවට.
විශේෂ කාර්ය
බලකායේ අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති වරුණ
ජයසුන්දර මහතාගේ නියෝග හා
උපදෙස් පරිදි විශේෂ කාර්ය
බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
දෙවන කදවුරු අණදෙන නිලධාරී
පොලිස් පරික්ෂක එස්.ඒ.සී. ශිරන්ත
ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්
විසින් (03) වන දින ත්‍රිකුණාමලය
පොලිස් වසමේ සුමේධ ගම පාර,
ජයසුමනාරාම විහාරස්ථානය අසල
දී වැටලීමක් සිදුකර කේරල ගංජා
සන්තකයේ තබාගෙන යතුරු
පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි
ත්‍රිකුණාමලය, ලින්නා නගර්
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37
ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන
ඇති අතර තව දුරටත් මේ
සම්බන්දව විමර්ශනය කිරීමේ දී
සැකකරු විසින් ඔහුගේ ලින්නා
නගර්, ත්‍රිකුණාමලය ලිපිනය දරණ
නිවසේ සගවා තිබූ කේරල ගංජා
සහ වෛද්‍ය නිර්දේශයකින් තොරව
PREGABALLIN වර්ගයේ
පෙති 680 සමග අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සදහා ත්‍රිකුණාමලය පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.
බෙල්ජියමේ නිෂ්පාදිත බෝර 12
වර්ගයේ ගිනි අවියක් සන්තකයේ
තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ
කා¬¬ර්ය බලකාය නිලධාරීන්ගේ
අත්අඩංගුවට.
විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ
උපදෙස් යටතේ විශේෂ කාර්ය
බලකාය බුද්ධි කොට්ඨාශයේ
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී.
රාජනායක ඇතුළු නිලධාරී
කණ්ඩායමක් (04) ඇහැලියගොඩ
පොලිස් වසමේ අංක
C/44/B, ගොඩගම්පල,
පරකඩුව ලිපිනයේ දී වැටලීමක්
සිදුකර නීති විරෝධී ලෙස
බලපත්‍රයක් නැතිව බෙල්ජියමේ
නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි
අවියක් ඇතුළුව එම උණ්ඩ
සන්තකයේ තබාගෙන සිටි පරකඩුව
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44
ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සදහා
ඇහැලියගොඩ පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
අත්අඩංගුවට
ගත් භාණ්ඩ වනුයේ
බෝර 12 වර්ගයේ ගිනි
අවියක්,බෝර 12 වර්ගයේ ජීව
උණ්ඩ 04ක්, බෝර 12
වර්ගයේ හිස් කොපු
02 යි.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය සිය දෛනික වැටලීම්වදි
තවත් වැටලීම් සිදුකරමින් කිලි
නොච්චිය රාජ්‍ය බුද්ධි අංශයෙන්
ලැබුණු තොරතුරකට අනුව විහේෂ
කාර්ය බලකාය කිලිනොච්චිය
කඳවුරේ නිලධාරි පිරිසක් පසුගිය
යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය
භාවිතා කර ඇතහැර දමන ලැබු
බවට සැකකෙරෙන එස්.එෆ්.ජී87
වර්ගයේ අත්බෝම්බයක්
සැකකරුවකු නැතිව අත්අඩංගුවට
ගෙන ඇත. කන්තලේ කඳවුරේ
නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත
කොටන තුවක්කුවක් සැකකෙරෙන
නැතිව අත්අඩංගුවට ගෙන තිබේ.
පරයනාලන්කූලම් කඳවුරේ
නිලධාරි පිරිසක් පසුගිය යුධ සමයේ
එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කර
අතහැර දමන ලැබු බවට
සැකකෙරෙන වර්ගය හඳුනාගත
නොහැකි අත්බෝම්බවයක්
සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට
ගෙන ඇත. ලාහුගල කඳවුරේ
නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ
නිලධාරි පිරිසක් නීති විරෝධි
මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.