25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන 19කට ආසන්න kush හා කොකේන් මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට.

රුපියල් මිලියන 19කට ආසන්න kush හා කොකේන් මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරු වෙත කැනඩාව ,නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවල් වලින් කොළඹ ප්‍රදේශයේ සැක සහිත ලිපිනයන් භාවිතා කරමින් ඒවා තිබූ සැකකටයුතු පාර්සල් පහක් නවතා පරික්ෂා කරනු ලැබු අතර එහි තිබී kush නැමැති ගංජා විශේෂය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

එම පාර්සල් අතර කොකේන් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ද සොයා ගැනීමට හැකිවි ඇත . මෙම මත්ද්‍රව්‍ය වල සම්පූර්ණ වෙළෙඳපොළ වටිනාකම මිලියන 19 ආසන්න වෙයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍යය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments