25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsවටිනා වාලම්පූරි දෙකක් හා නීති විරෝධි මත්පෙති එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

වටිනා වාලම්පූරි දෙකක් හා නීති විරෝධි මත්පෙති එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු වාලමිපුරි දෙකක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට වාලච්චේන යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ මෙම වැටලීම් සිදුකර ඇත. කලවංචිකුඩි කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී

පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) මුතුර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අලෙවි කිරීම

සදහා සුදානම් කර තිබු වාලමිපුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

නීති විරෝධී මත්පෙති 259 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I

හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) ජා ඇල පොලිස් වසමේ

වික්ෂෝප මාතා පල්ලිය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පෙති සන්තකයේ තබාගෙන සිටි ටෙන්රීටා පාර, මා එළිය, ජා ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44

ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ජා ඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි නීති විරෝධී මත්පෙති 259 යි,KDH වර්ගයේ වෑන් රථයක් (WP PG 4017)අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් පෑලියගොඩ බලප්‍රදේශයේ දුටුගැමුණු මාවතේ, පෑලියගොඩ කියන ස්ථානයේ නිවස ඉදිරිපිට දී අයිස් මත්ද්‍රව්‍ය සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධිකොට්ඨාසයේ නිලධාරී පිරිසක් පෑලියගොඩ පොලිස් බලප්‍රදේශයේ දුටුගැමුණු මාවත පෑලියගොඩ යන ස්ථානයේ පිහිටි නිවස ඉදිරිපිට කේරළ ගංජා සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවත යන ස්ථානයේ පිහිටි නිවස ඉදිරිපිට හෙරොයින් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කඩවත පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි තවත් වැටලිමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු නීතිවිරෝධි දුම්වැටි ළඟ තබාගෙන මුදලට අලෙවි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් කඩුගන්නාව පොලිස් වසමේ මොටන, තොටුපොලදෙණීය වත්ත ස්ථානයේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් පොලිස් වසමේ එම කඳවුර ඉදිරිපිටදි බලපත් කොන්දේසී උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් අනවසරයෙන් රජයේ කැලෑවට ඇතුළු වි අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් එළි පෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් නිලාවේලි පොලිස් වසමේ නෙදුන්කේති එම්බුරික්කි ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments