29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මුල්ලේරියාව රෝහලේ PCR යන්තය යථාතත්වයට

මුල්ලේරියාව රෝහලේ PCR යන්තය යථාතත්වයට

මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත ඇති කොරෝනා යයි සැක අයගේ ජීව සාම්පල පරීක්‍ෂා කරන PCR යන්තයේ ගැටළුව හෙලිකර ගත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

පැය 10 ක පමණ කාලයක් සිදු කරන ලද විමර්ශණයේදී එම යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව හෙළි වූ බව එම තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බවයි.

කෙසේ වෙතත් යන්ත‍්‍රයේ නිවැරදිතාවය 100%ක් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ සිට නැවතත් යන්ත්‍රය වැඩ ආරම්භ කළ හැකි බවත් එම සටහනේ සදහන්ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments