උපදෙස් නොතකා බස්නාහිර පළාතෙන් පිටව ගිය පිරිස්වලින් 556 දෙනෙකු දැනට ඔවුන් රැඳී සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනයකට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා, “අද උදේ ලැබුණ වාර්තා අනුව, 556ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා ඒ ඒ ප්‍රදේශවලින්. මඩකලපුවේ කල්කුඩා, පාසිකුඩා වැනි ප්‍රදේශවල අම්පාර හා තංගල්ල ප්‍රදේශයෙන් වැඩිපුර වාර්තා වෙනවා. මීට අමතරව දියතලාව, නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවලිනුත් වාර්තා වෙනවා. එහෙම අය එම ස්ථානවල නිරෝධායනයට ලක්වෙනවා ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත. කවුරුහරි එනවා නම් බස්නාහිර පළාතට ඇතුළු වෙනකොට අපිට හඳුනාගන්න පුළුවන්. “ යනුවෙන් පැවසීය.
මේ අතර බස්නාහිර පළාතටම බල පැවෙත්වෙන පරිදි පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (02) අලුයම 05.00 දක්වා ක්‍රියාත්මකය.
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හෙට අලුයම අවසන් වුවද නිරෝධායන ඇඳිරිනීතිය පෙර සිට පනවා තිබූ දිවයිනේ පොලිස් වසම් 68ක් සඳහා ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.
කෙසේ නමුත් අදාළ නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කරන්නේද යන්න තීරණය කළ හැක්කේ ඉදිරි කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සලකා බැලීමෙන් පසුව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පවතින වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යා යතු බවය.