26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPහෝමාගම Tite-Hi Gym සංවිධානයට වසර 10 ක් පිරිම නිමිත්තෙන් ලේ දන්දීමේ කඳවුරක්.

හෝමාගම Tite-Hi Gym සංවිධානයට වසර 10 ක් පිරිම නිමිත්තෙන් ලේ දන්දීමේ කඳවුරක්.

පවතින වසංගත තත්ත්වයක් සමග රුධිර මධ්‍යස්ථානවල රුධිර අවශ්‍යතාවය සපුරාලීම අරමුණු කරගෙන “ජිවිතයක් රැකගන්න ලේ බිදක් දන් දෙන්න” යන තේමාව මුලික කරගෙන හෝමාගම ප්‍රදේශයේ ක්‍රියාකාරි තරුණ සංවිධානයක් වන “Tite-Hi Gym” සංවිධානය විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පසුගියදා දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

Tite-Hi Gym සංවිධානයට වසර 10 ක් පිරිම නිමිත්තෙන් පැවැති මෙම ලේ දන්දීමේ කදවුර හෝමාගම ගලවිලවත්ත කායවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දී පැවැති අතර, ප්‍රදේශයේ රුධිර පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන හා සම්බන්ධවීම විශේෂත්වයක් විය.

වාර්ෂිකව මෙරට ජාතික රුධිර අවශ්‍යතාවයෙන් සියයට 85 ක් දායක කඳවුරු සංවිධානයෙන් ලබාදෙන බැවින් සහ වසංගත තත්ත්වය සමග රුධිර පාරවිලයන සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහාය දැක්වීමේ අරමුණ පෙරදැරිව “Tite-Hi Gym” තරුණ සංවිධානය මෙම රුධිර කඳවුර සංවිධානය කොට තිබුණි.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments