28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (07) කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් කොක්කඩිචෝල පොලිස් වසමේ බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු සමග යොදාගන්නා ලැබු ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම පොලිස් වසමේ ඉඩමක ජෙ.සි.බි. යන්ත්‍රයක් යොදා ඉඩමේ කැලෑ එළිපෙහෙලි කරමින් සිටියදි එම ස්ථානයෙන් එම එස්.ටී.එෆ්. කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් කරනු ලැබු සෝදිසි කිරීමේදි දිරා ගිය වෙබින් කට්ටලයක් සහ අවි ආයුධ කොටස් හා ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ පිරිසක් එම පොලිස් වසමේ කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකුගෙන් ලැබු තොරතුරකට අනුව සැකකරුවන් නැතිව ඉකුත් යුධ සමයේ භාවිතා කර අතහැර දමන ලැබු බවට සැකකරන අත්බෝම්බයක් සොයාගෙන ඇත. ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මඩුපොලිස් වසමේ වලංගු බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් රඹුක්කන පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 90ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් අත්තනගල්ල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 22යි මිලි ලීටර් 500ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ ගෝඩා ලීටර් 865 ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරි සිදුකරන ලබන වැලිකඩ කඳවුරේ නිලධාරි පිරිසක් මැගසින් බන්ධනාගාර දෙරටුවෙහි නිලධාරි හා රැඳවියන් සෝදිසි කරන ස්ථානයේදි රැඳවියකු සෝදිසි කිරීමේදි ෂොපින් කවරයක ඔතා ගුද මාර්ගයේ සූක්ෂම ලෙස සඟවාගෙන සිටියදි ලයිටර් එකක් සොයාගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරි සිදුකරන ලබන එම කඳවුරේ නිලධාරි පිරිසක් මැගසින් බන්ධනාගාර දෙරටුවෙහි නිලධාරින් හා රැඳවියන් සෝදිසි කරන ස්ථානයේදි රැඳවියකු සෝදිසි කිරීමේදි ෂොපින් කවරයක ඔතා ගුද මාර්ගයේ සූක්ෂම ලෙස සඟවාගෙන සිටියදි ප්‍රීකැප් ලෙස හඳුන්වන රතු හා කහ පැහැති මත්පෙති අටක් සොයාගෙන ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව තේක්ක දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි අයකු හා දැව ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා ලැබු ලොරි රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගිරානේගම පොලිස් වසමේ බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු දෙකක් සහ කලු වෙඩි බෙහෙත් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර බුද්ධි ඒකකය මගින් ලැබු තොරතුරකට අනු එම පොලිස් වසමේ රජය ගෙන්වීම හා විකිණීම තහනම් කර ඇති වල් නාශක හාකෘමි නාශකකිසිදු නිත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසරයක් නැතිව ළඟ තබාගැනීම හා කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් ආනමඩුව පොලිස් වසමේ බලපත්‍ර නැතිව නීති විරෝධි ව දැව ඉරුම් පට්ටලයක් ළඟ තබාගනිමින් දැව ඉරමින් සිටි තිදෙනකු අත්අඩංගුව ටගන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments