පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (09) අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් තීරුබදු රහිතව ආනයනය කරනු ලැබු දුම්වැටි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදි කඳන් තුවක්කු තුනක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කඳවුරේම නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දොරටුවේ රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකාය නිලධාරි පිරිසක් ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන තිබු සිටි රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා කල්මුණේ කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන ලැබුණු තොරතුරකට බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් සැකකරුවකු නැතිව අයිස් මත්ද්‍රව්‍ය හා කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.