ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පොල නව අධිකරණ සංකිර්ණය.(10 ) විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ ඇමැතිවරයා………..දෙමහල් නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සදහා රුපියල් මිලියන 300 ක පිරිවැයක් දරා තිබේ.
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කරමින් නව නීති ගෙන එමින් යල් පැන ගිය නීති යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ සදහා පස් වැදෑරුම් ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කරමින් සිටින අතර මේ වන විටත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 300 දෙනෙකු පමණ කමිටු 30 ක් තුළ නව නීතී ප්‍රතිසංස්කරණ ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීය.
ප්රනජාතන්ත්ර්වාදී සමාජයක් ඉදිරියට යාමට නම් එහි ප්රඅමුඛත්වය නීතියට ලබා දියු යුතු අතර අවශ්ය් පරිදි ප්රනතිපාදන වෙන් කරමින් අධිකරණ පද්ධතියේ සිදු කරනු සියලු ප්රයතිසංස්කරණ කටයුතු සදහා අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම හා නායකත්වය ශක්තියක් බවද අමාත්ය තුමා සදහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය හා පවතින ආර්ථික ගැටළු හමුවේ වුවද අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය අධිකරණ පද්ධතිය වෙනුවෙන් ලබා දි ඇති ප්රුමුඛත්වය පිළිබදව කෘතවේදීත්වය පළ කළ යුතු බවත්, ඒ තුළින් ලැබෙන ශක්තිය හේතුවෙන් ඉතිහාසයේ පෙර නොවු විරූ පරිදි වෙනසක් අධිකරණ පද්ධතිය තුළ සිදු වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
නිදහසින් පසුව පළමු වතාවට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අලුතින් විනිශ්චයකාරවරුන් 47 දෙනෙකු බදවා ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සියලු කටයුතු සිදු කරනු ලබන්නේ නඩු ප්රසමාදය අවම කර කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර සාමාන්යස පොදු ජනතාවට අධිකරණ තුළින් ලබා දෙනු ලබන සේවාව කඩිනම් කිරීමට බව ද සඳහන් කළේය.
ගම්පොල නව නගර සංවර්ධන සැළැස්ම යටතේ ගම්පොළ ප්ර දේශය සියලු පහසුකම්වලින් සමන්විත ඉතා දියුණු පුරවරයක් බවට පත් කරලීම සදහා රාජ්යු අමාත්යළ අනුරාධ ජයරත්න මහතා විසින් සුවිශේෂි වු කාර්ය භාරයක් සිදු කරන බවත්, එම කටයුතු අගය කරමින් එතුමාට ශක්තියක් වෙමින් සියලු දෙනා උපරිම සහයෝගය දැක්විය යුතු බවත්, අධිකරණ අමාත්‍යවරයා පැවසීය
ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අදහස් පළ කරමින් සදහන් කළේ අධිකරණ අමාත්‍යාංශයට අදාළ වැදගත් පනත් කිහිපයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ඉතා කාර්ය බහුල අවස්ථාවක වුවද ගම්පොල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට සපැමිණිම පිළිබදව අධිකරණ අමාත්ය තුමාට කෘතඥතාවය පළ කරන අතර එය ගම්පොල ජනතාවට දැක්වු විශාල ගෞරවයක් ලෙස සලකන බවයි.
නව බන්ධනාගාරයක් ගම්පොල ප්රයදේශයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් භූමියක් වෙන් කර ඇති බවත් ඒ සදහා අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම අවස්ථාවට මධ්‍යමම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදියගොඩ යන මහත්වරු ඇතුළු ප්‍රාදේශිය දේශපාලන අධිකාරීයේ නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා ඇතුළු රාජ්යධ නිලධාරීන්, විනිසුරුවරුන් හා නීතිඥ සංගමයේ නියෝජිතයින් එක්ව සිටියහ.

