29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවී-භාෂා යන තේමාව ඔස්සේ මෙරට දරුවන් සඳහා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් සමඟ එක්ව...

වී-භාෂා යන තේමාව ඔස්සේ මෙරට දරුවන් සඳහා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් සමඟ එක්ව නුදුරේදීම විදේශීය භාෂා 10ක් ඉගෙනීමේ අවස්ථා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා.

මෙරට පාසල් දරුවන් සඳහා විදේශීය භාෂා ඉගැනුමට ප්‍රවේශය ලබා දීමේ මාර්ගගත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය  ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. පෙබරවාරි මස 11 වන දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැති ඉහත වැඩසටහන් මාලාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් පරිදි London School of Executive Limited ආයතනය සමග එක්ව රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීමට නියමිතය. එක්සත් රාජධානියේ London School of Executive Limited ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන් සඳහා ගැලපෙන ලෙස ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගතව ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හිංදි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව ඇති බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයට සමගාමීව මෙම වැඩසටහන ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරන ලදි. එමෙන්ම දිවයින පුරා පාසල් වල විදුහල්පතිවරුන් මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments