21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ආධාර ඉල්ලන මුවාවෙන් සමාජ මාධ්‍ය හරහා මුදල් ගැරීමක්

කොවිඩ් ආධාර ඉල්ලන මුවාවෙන් සමාජ මාධ්‍ය හරහා මුදල් ගැරීමක්

COVID-19 වයිරස තත්වයත් සමගම නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල යම් පිරිස් විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල එම ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්ට ආධාර අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් රවටා මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබදව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ෙතාරතුරු වාර්තා කරයි. නිෙව්දනයක් නිකුත් කරමින් ඒම සංගමෙය් සභාපති රජිව් කුරුවිටෙග් ෙම් බව සදහන් කර තිෙබ්.

නිකුත් කල නිෙව්දනය –

COVID-19 වයිරස තත්වයත් සමගම නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල යම් පිරිස් විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල එම ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්ට ආධාර අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් රවටා මුදල් ගැරීමේ ක්‍රියාන්විතයක් සම්බන්ධයෙන් තොරතුරු අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනගන්නට ලැබී ඇත. විශේෂයෙන්ම ව්‍යාජ බවක් හදුනාගත නොහැකි ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් මේ සදහා යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමග යවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගැනීමට මෙම පිරිස් කටයුතු කරන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිරීක්ෂණය වී ඇත.

COVID-19 වයිරස තත්වයෙන් අසරණ වී සිටින ජනතාවට සැදැහැ සිතින් උපකාරී වීමට බලාපොරොත්තුවෙන් සිටින සමාජ මාධ්‍ය පරිශීලකයන් සමාජ මාධ්‍ය අඩවි තුල සිටිනා මෙවැනි වංචනිකයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසත් යම් මුල්‍ය ආධාරයක් ලබාදෙන විට ආධාර ලබන්නාගේ තොරතුරු සහ අනන්‍යතාවය තහවුරු කොටගෙන පමණක් ආධාර ලබාදීම සිදුකරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුවත් කරමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments