26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධ කරුවෙකු හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පරිප්පුවා විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
පෙලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ මෙම සියලු වැටලීම් සිදුකර තිබේ. මෙම වැටලීම බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරී කණ්ඩායමක් (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැති අනුවර්ථනාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු TYPE 82 වර්ගයේ ජීව අත්බෝම්බයක් සමග කෝන්කඩවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඹන්පොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බලපත්‍ර හා වෛද්‍ය නිර්දේශය නොමැතිව විකිණීම සඳහා මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිවිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එම්.බී. ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) වන කොටගල, සමාදානපුර ප්‍රදේශයේ දී බලපත්‍ර හා වෛද්‍ය නිර්දේශය නොමැතිව Pregab Pregabalin නැමති මත්කරල් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි තලවකැලේ, පතන, දිඹුලපතන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 26, 27, 40 පසුවන පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිඹුලපතන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි Pregab Pregabalin මත්කරල් 334 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

*හෙරොයින් සමග එම මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගත් මුදල් රුපියල් විසි එක් ලක්ෂපනස් දහසක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය
බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය ගෝනහේන බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අදීක්ෂනය යටතේ විශේෂ කාර්ය බලකාය ගොනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ⁣පොලිස් පරික්ෂක වීරක්කොඩි අතුලු නිලධාරී කන්ඩායමක් දෙමටගොඩ පොලිස් වසමේ එරංග එන්ටර්ප්‍රයිසස් දෙමටගොඩ ලිපිනයේ දී බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රැමි 90සමග හෙරොයින් අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 2150,000 ක් හා හෙරොයින් ප්‍රවාහනයට යොදා ගන්නා ලැබු මෝටර් රථයක් හා ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments