22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
HomeTOPරුපියල් මිලියන නවයකට ආසන්න kush හා ectasy මත්පෙති රේගු දැලේ.

රුපියල් මිලියන නවයකට ආසන්න kush හා ectasy මත්පෙති රේගු දැලේ.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂණ කටයුතු සඳහා නවතා තිබේ.

මෙම පාර්සල් බ්‍රිතාන්‍ය , ජර්මනිය හා කැනඩාව යන රටවල් වලින් කොළඹ හා ගම්පහ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගැනීමට හැකිවි ඇත . විවෘත කරනු ලැබු පාර්සල් තුළ kush නැමැති ගංජා 472 g හා ectasy නැමැති මත් පෙති 302 පෞද්ගලික භාණ්ඩ තුල සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට සමත්විය . මෙසේ සොයා ගත් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන නවයකට ආසන්න බව තහවුරුවිය. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකරන ලැබු අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments