22.4 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අනුන්ට මඩ ගහලා, අනුන්ට අසූචි ගහලා, අනුන්ට මඩ පෝස්ටර් ගහලා, තමන්ගේ විවේචකයන්...

අනුන්ට මඩ ගහලා, අනුන්ට අසූචි ගහලා, අනුන්ට මඩ පෝස්ටර් ගහලා, තමන්ගේ විවේචකයන් බය ගන්වලා ආණ්ඩු කරන්න බැහැ. එහෙම ආණ්ඩු කරන්න හිතපු අය ගියේ, ඉතිහාසයේ කුණු බක්කියට.43 සේනාංක සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය, කරුණාරත්න පරණවිතාන

පාඨලී චම්පික රණවක මහතා ඉලක්ක කරගෙන ඉදිරියේ දී මඩ පෝස්ටර් ව්යාදපාරයක් දියත් කිරීමේ සූදානමක් පවතින බව 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා අද අනාවරණය කළේය.ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කරමින් ඇති මර්දනය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වී ඇති අභියෝග පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා 43 සේනාංකය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ විය. 43 සේනාංකය සභාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේරටේ ජනමාධ්යබ හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇති බවය.

මේ වන විට රට පාලනය කරමින් සිටින ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්රදජාතන්ත්ර වාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාරය.

“පාලනය භාරගෙන අවුරුදු තුනක් ගත වෙන්ටත් මත්තෙන් ලංකාවේ බිහි වුනු කිසිම ආණ්ඩුවක් මෙවන් තත්ත්වයකට පත්වෙලා නැහැ. ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ගේ ගෞරවය නැතිවෙලා තිබෙනවා. ඒගොල්ලන්ට බලය තිබෙනවා. බලයෙන් ගෞරවය විතැන් වෙලා තිබෙනවා. මිනිස්සු ගරු කරන්නේ නෑ. මිනිස්සු හිනා වෙනවා. හූ කියනවා. රටේ රාජ්යර නායකයාගේ කතාවකට මිනිස්සු දක්වන්නේ ඉතාම නරක ප්රනතිචාර. කිසිම ගරුත්වයකින් සලකන්නෑ ආණ්ඩුවේ ජනාධිපතිගේ ඉඳලා, මැති ඇමතිවරු ඉඳලා කිසිම කෙනෙක්. ගෞරවය නැතිවෙලා තිබෙනවා. මෙන්න මේ අසමත්කමයි, මෙන්න මේ ගෞරවය අහිමිවී යාමයි නිසා අද මේ පාලක කණ්ඩායම වියරුවෙන් හැසිරෙනවා.”

මහජනයාගේ සිත් සතන් තුළ දැන් ආණ්ඩුව කෙරෙහි කිසිදු පැහැදීමක් නැත.තමන්ගේ විවේචකයන්ට හා දේශපාලන විරුද්ධවාදීන් එල්ල කරගෙන ඉතාමත්ම නිහීන නින්දිත, පිළිකුල් සහගත, ප්‍රහාර මාලාවක් පසුගිය කාලය පුරා එල්ල විය.

“නිදහස් මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් ඉතාම බියගුළු මට්ටමේ කැත ප්රුහාරයක් එල්ල කර තිබුණා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මනෝරම වීරසිංහ මහතාට සීඅයිඩී එකට එන්න කියලා තිබෙනවා. ඔහු සමාජ මාධ්‍යයේ ලියන කියන දේවල් සම්බන්ධයෙන් බිය ගැන්වීමකට තමයි එන්න කියලා තිබෙන්නේ. පාස්කු ප්රාහාරය සම්බන්ධයෙන් තම නිදහස් අදහස් තාර්කිකව පෙළගස්වලා ඉදිරිපත් කරපු ශෙහාන් මාලක මහත්මයා සුදු වෑන් එකක් යවලා පැහැරගෙන දැන් එතුමා අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ආණ්ඩුව සම්බන්ධයෙන් සුළු මට්ටමේ හෝ විවේචනයක් ගේන බලපෑම් සහගත මාධ්‍ය ක්‍රියාකාරිකයන් බියගැන්වීමටත්, දඩයම් කිරීමටත් යම්කිසි වැඩපිළිවෙළක් ගෙන යමින් තිබේ. රටේ දේශපාලන ක්රිටයාකාරිකයන් සම්බන්ධයෙන් මෙම තත්ත්වය වඩාත් භයානකය.
“ආණ්ඩුවේ යකඩ හස්තය අද දිගු වෙලා තිබෙන්නේ 43 සේනාංකයට. අපව ඉලක්ක කරගෙන රජයේ ලොක්කෝ අනියමින් තර්ජන එල්ල කරනවා මහ සෙනඟ ඉස්සරහට ගිහිල්ලා. අපේ රැස්වීමක් තියාගන්න තැනක් දෙන්නේ නෑ. ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා ඒවා අවලංගු කරලා දානවා. 43 සේනාංකයේ නායකයා හැටියට කටයුතු කරන පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා එල්ල කරගෙන ඉදිරි දින වලදී මහා විශාල මඩ ප්‍රහාරයක්, මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්න යම් යම් කල්ලි කණ්ඩායම් සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළා. මේ හැම දෙකෙන්ම පෙනෙන්නේ ආණ්ඩුවේ වියරුවයි.”

බලය අහිමි වී යාම නිසා බලයත් සමග තිබූ ගෞරවය නැතිවී යාම නිසා රට සාර්ථකව පාලනය කරගන්න බැරි වීම නිසා ඉදිරියට මීට වඩා දරුණු අත්දැකීම්වලට මුහුණ දීමට පෙර මේ තත්ත්වයට එරෙහිව වහාම නැගී සිටින ලෙස පරණවිතාන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දේශපාලන හස්තයන්ට යට නොවී පිළිකුල් සහගත, නින්දිත දේශපාලන නියෝග වලට යට නොවී, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේය. පුද්ගලික ගෞරවය, පුද්ගලික නිදහස, භාෂණයේ නිදහස, ලේඛනයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ආණ්ඩුක්ර ම වයවස්ථාවෙන් තහවුරු කොට තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා සියළුදෙනා එක්ව කැපවිය යුතුය.

“කරුණාකරලා තමන්ට ලැබුණු ජනවරමට ගරු කරලා මේ රටේ ප්‍රශ්න විසඳන්න සූදානම් වෙන්න. රටේ ආර්ථිකය දියුණු කරන්න. රටේ විශාල ණය අර්බුදයකට පත්වෙලා තිබෙනවා. මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න වැඩ කරන්න. ඒ වගේම තමයි රටේ උග්රට ජීවන බරක් මිනිස්සුන්ගේ පිට පටවලා තිබෙනවා. ඒකෙන් මහජන සහන සලසන්නට වැඩ කරන්න. රට ජාත්‍යාන්තර වශයෙන් අපකීර්තියට පත් වෙමින් තිබෙනවා. රටේ කීර්තිය දිනාගන්නට වැඩ කරන්න. අනුන්ට මඩ ගහලා, අනුන්ට අසූචි ගහලා, අනුන්ට මඩ පෝස්ටර් ගහලා, තමන්ගේ විවේචකයන් බය ගන්වලා ආණ්ඩු කරන්න බැහැ. එහෙම ආණ්ඩු කරන්න හිතපු අය ගියේ, ඉතිහාසයේ කුණු බක්කියට. එම නිසා වහාම මේ දඩයම නවත්තන්න” යනුවෙන් 43 සේනාංක සභාපතිවරයා ආණ්ඩුවට මතක් කර දුන්නේය.
මේ අවස්ථාවට එක්වූ 43 සේනාංකයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන සහ කොළඹ දිස්ත්රිුක් සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක මහතා ප්රූකාශ කළේ අනීතියට, අසාධාරණයට හිස නැමීම සඳහා මෙරට ජනතාව තවදුරටත් සූදානම් නොමැති බවය.

“ජනාධිපතිතුමා දසරාජ ධර්මයන්ගෙන් රට පාලනය කරන්න ගෙනාපු ප්රටතිපත්තිය එතුමට අමතක වෙලා යනවා. එහෙම වෙන්න පුළුවන් නමුත් ඕනෑම ජනාධිපති කෙනෙක් වටේ ඉන්නවා පිරිසක්. මම විශ්වාස කරන්නේ නැහැ. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මේ ලංකාව දස දසරාජ ධර්මයන්ගෙන් කරන්න පුළුවන් කියලා.”
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති ප්රවශ්න, රාජ්යු සම්බන්ධ ප්ර ශ්න තව නොබෝ දිනකින් අපේ රට හමුවේ ඇසීමට නියමිතය. එවන් වකවානුවක ශෙහාන් මාලක වැනි ක්රිනයාකාරීන් ආණ්ඩුව විසින් කුදලාගෙන යයි. ශෙහාන් මාලක ප්රමකාශ කළේ පාස්කු වින්දිතයන්ට සාධාරණ යුක්තිගරුකභාවයක් රට හමුවේ ලබා දිය යුතු බවය.
“ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්රතතිරූපය ඔසවා තබන්න අති දැවැන්ත මාධ්යය මෙහෙයුමක් කළා. ඒක සාර්ථකයි. මම ඒ ආයතනයට සුභ පතනවා. මොකද ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වෘත්තීය අතින් සාර්ථකයි. මිනිස්සු ඇන්ඳුනාට ඒ ආයතනයේ වෘත්තිය හරියට කරලා තියෙනවා. හැබැයි මතක තියා ගන්න. ඔබ ආයතනය කොතරම් උත්සහ කලත් ජලපහරක රබර් බෝලයක් ගිල්වා තබන්න රබර් බෝලය උඩ මතු වෙනවාමයි. මේ තමයි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සැබෑ ස්වභාවය. අන්න ඒ ස්වභාවයට අපි අභියෝග කරන්න ලෑස්තියි.” රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ප්‍රාථමික වැඩවලින් 43 සේනාංකය වන නිදහස් අධ්යා පනයෙන් පෝෂිත පරපුර නැවැත්වීමේ හැකියාවක් නොමැති බව එහි තරුණ අංශයේ ජාතික සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල මහතා මේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

“ගෝඨාභය මහත්තයා අනුරාධපුරේදී කිව්ව කතාව හරි. මට කරන්න බැරි වුණු වැඩ ටික මං කරනවා මේ අවුරුදු දෙකේ කරන්න බැරි වුණු වැඩ ටික මං කරනවා කියලා කිව්වා. තව කට්ටිය කිව්වා මොකක්ද? කෙවිට අතට ගන්න ඕනේ කියලා කිව්වා. තව ඇමති කෙනෙක් එක දවසක් කිව්වා කපුටෝ එකෙක් මරලා තට්ටු ටික එල්ලුවා නම් ඇති ඔක්කොම කපුටො ඕනෙ නෑ කියලා. මේ ඒ මර්දනය තමයි අද පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා අපි මේ අවස්ථාවේ දැඩිව මේ ආණ්ඩුවට කියනවා මර්දනයෙන් එන්න එපා. තර්ජනයෙන් එන්න එපා. තගෙන් එන්න එපා. ගොඩින් ඇවිල්ලා ප්‍රජාතන්ත්රුවාදීව මේ ප්‍රශ්නෙ බේරගමු.තර්ජන ගර්ජන දාලා මේ රටේ උගත් තරුණ පරම්පරාව වළක්වන්න, නවත්තන්න ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවටවත්, මේ පොලිසි වලටවත් අනීතිකව නවත්තන්න අවස්ථාවක් දෙන්නේ නෑ. ඒ වෙනුවෙන් තරුණයොත් එක්ක අපි දිවි හිමියෙන් සටන් කරනවා.
පවතින ආණ්ඩුව වෙනස් කොට, රටේ යහපත්, උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා තරුණයන් ලෙස එකතුවන්නැයි ගම්මන්පිල මහතා ආරාධනාවක් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments