23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් ලක්ෂ හතළියක හෙරොයින්, ඇතුළු නීති විරෝධි මත්ද්‍රව්‍ය, දැව ජාවාරමුන් හා කැලෑ...

රුපියල් ලක්ෂ හතළියක හෙරොයින්, ඇතුළු නීති විරෝධි මත්ද්‍රව්‍ය, දැව ජාවාරමුන් හා කැලෑ පාළුවන් ඒස්.ටී.ඒෆ්. අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 40 ක හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණුතොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක බි.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කොටුව පොලිස් වසමේ මල්වත්ත පාර, මහජන බැංකුව ඉදිරිපිට දී රුපියල් 4,000,000.00 ක වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 248 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි තවත් වැටලීම් කරමින් ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් (18) ජා ඇල පොලිස් වසමේ දී හෂීස් නැමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 1හි නිලධාරි කණ්ඩායමක් දෙමටගොඩ පොලිස් වසමේදි හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් කඳාන පොලිස් වසමේදි කෙරළ ගංජා ජාවාරම් කිරීම සඳහා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුව්ට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් ඒම පොලිස් වසමේදි බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකොට එහිදි පසුගිය යුද සමයේදි භාවිතා කර අතහැර දමනු ඇතැයි සැකකෙරෙන අගස්ටි 69 වර්ගයේ අත්බෝම්බයක් හා මි.මි.120 වර්ගයේ අත්බෝම්බයක් හා මි.මි.120 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක් සොයාගෙන ඇත. මාන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් අයියන්කූලම් පොලිස් වසමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු ඒම ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේදි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවි දෙකක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඒම පොලිස් වසමේ වලංගු බලපත්‍රයක් නැතිව කැලෑ එළි කරමින් සිටි තිදෙනකු ඩොසර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් කොස්ගම පොලිස් වසමේදි වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේදී වැටලීම් දෙකක් සිදුකර ඇති අතර වැලි කැණීම් කර පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. .ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් කුච්චිවේලි පොලිස් වසමේදි අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි නිසි බලපත්‍ර නැතිව බුරුතගස් කපා වෙන්සෝ යන්ත්‍රයක් මගින් අලෙවි කිරීම සඳහා ඉරමින් ිසටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කරයාන්පිලවු රජයේ කැලෑ ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවි අක්කර 1/4ක් පමණ ප්‍රදේශයක් ලෝඩර් රථයක් යොදාගනිමින් කැලය විනාශ කර යාංඔය ඉවුර කපමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් දමන පොලිස් වසමේදී තිඹිරිගොල්ල රක්ෂිතයේදි අක්කර භාගයක පමණ ප්‍රදේශයක වගා කර තිබු ගංජා පැල 2500ක හෙනක් සැකකරුවකු නැතිව අත්අඩංගුව ගෙන තිබේ. අගුණකොළ පැලස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි සිදුකරන ලැබු රැඳවියකු සෝදිසිකිරීමකදි ගුද මාර්ගයේ සඟවා තිබු කහපාට පොලිතින් කැබිලිවල ඔතන ලද දුම්කොළ සුරුට්ටු හයක් සොයාගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments