21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත BEECHCRAFT...

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත BEECHCRAFT KING AIR 360ER ගුවන් යානා ලබා දීම.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු එතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරැ කිරීම සහ ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපයේ (Exclusive Economic Zone) සමුද්‍ර නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විදේශ හමුදා විකුණුම් කොන්ත්‍රාත්තුවක් යටතේ (Foreign military sales contract) නොමිලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුද්‍රිය ගුවන් ආවේක්ෂණ ගුවන් යානා 02 ක් (අදාල නිරීක්ෂන උපකරණ සහිතව) ලබා දීමට එක්සත් ජනපද රජය එකග වී ඇත.

එක්සත් ජනපදයේ Federal Aviation Administration (FAA) සහ European Aviation Safety Agency (EASA) විසින් සහතික කරන ලද සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක් වන Textron Aviation විසින් නිෂ්පාදනය කරන ලද Beechcraft 360ER twin-turboprop ගුවන් යානා ගුවන් හමුදාව විසින් ඉල්ලා සිටින ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බීච්ක්‍රාෆ්ට් බී-200 ගුවන් යානා භාවිතා කරමින් දශක දෙකකට වැඩි කාලයක් ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මෙම ගුවන් යානා, මෙහෙයුම් සහ නඩත්තුව සම්බන්දව ප්‍රමාණවත් අත්දැකීම් සහ නඩත්තු උපකරන ගුවන් හමුදාව සතුව ඇත.

මෙම සමුද්‍රිය ගුවන් ආවේක්ෂණ යානා දෙක (Beechcraft 360ER) සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රදානයක් යටතේ එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා රජයට ප්‍රධානය කරනු ලබයි.

මෙම ගුවන් යානා මගින් සමුද්‍ර විපත්වලට ප්‍රතිචාර දැක්වීම (උදා: MT New Diamond සහ X Press Pearl), ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීම, නීතිවිරෝධී ධීවර කටයුතු නිරීක්ෂණය කිරීම සහ සුවිශේෂී ආර්ථික කලාපයෙහි මිනිස් ජාවාරම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමෙහිලා ශ්‍රී ලංකා නාවික හමුදාවට (SLN) සහාය වීම වැනි කටයුතු සදහා යෙදවීමට අපේක්ෂා කරයි.

ගුවන් හමුදාධිපති තුමා සහ හා ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සමග කරන ලද දීර්ඝ කාලීන සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම නොමිලේ ප්‍රධානය සිදු වන අතර මෙමගින් ගුවන් හමුදාව සතු ඉංදියානු සාගර කලාපයේ ගුවන් ආවේක්ෂණ හැකියාව වැඩි දියුණු වනු ඇත.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Defence) විසින් ගුවන් යානා නිපදවීමේ පූර්ණ කොන්ත්‍රාත්තුව Textron Aviation Inc., Wichita, Kansas වෙත ප්‍රදානය කරන ලද අතර පළමු ගුවන් යානය 2022 අගභාගයේදී හෝ 2023 මුලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දෙනු ඇත. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද පරිදි දෙවන ගුවන් යානයද ප්‍රධානය කිරීමෙන් පසු 2025 සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments