29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි,දැව ජාවාරමුන්,කැලැපාළුවන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි,දැව ජාවාරමුන්,කැලැපාළුවන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ

තබාගෙන සිටි සංවිධානාත්මක

අපරාධ කල්ලි සාමාජිකයකු හා

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන

රත්මලානේ අංජුගේ සමිපතයකු

මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය

බලකාය නිලධාරීන් අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර

මහතාගේ නියෝග මත මෙම

වැටලීම් සිදුකර තිබේ. විශේෂ

කාර්ය බලකාය සංවිධානාත්මක

අපරාධ මර්ධන ඒකකය II හි

නිලධාරීන්ට ලද තොරතුරකට අනුව

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක

සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු

නිලධාරීන් කණ්ඩායමක් (22)

මොරගහහේන පොලිස් වසමේ

අංක 260/51/A,

ඔලබොඩුව වත්ත, ගෝනපොල

ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි

සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්

කරුවකු වන සිංහාරගේ අමල්

සමින්ද සිල්වා නොහොත්

රත්මලානේ අංජු නැමැත්තාගේ

මත්ද්‍රව්‍ය අලවිකරනු ලබන

ගෝනපොල ප්‍රදේශයේ පදිංචි වයස

අවුරුදු 37 ක පුද්ගලයකු අයිස්

මත්ද්‍රව්‍ය අලවිකර උපයනලද

රුපියල් හාරලක්ෂ විසිඑක්දහසක

මුදල් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78

ක් සන්තකයේ තබාගෙන සිටිය දී

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා

මොරගහහේන පොලිස් ස්ථානය

වෙත භාර දී ඇත.

තීරු බදු නොගෙවා මෙරටට

ගෙන්වන ලද දුම්වැටි තොගයක්

සන්තකයේ තබාගෙන සිටි

පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය

නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ

කාර්ය බලකාය ගෝනහේන

කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට

අනුව බස්නාහිර උතුර භාරව

කටයුතු කරන ජේෂ්ඨ පොලිස්

අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ

මහතාගේ අදීක්ෂනය යටතේ

පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්.

දේශප්‍රිය ඇතුළු නිලධාරීන්

කණ්ඩායමක් (22) කදාන

පොලිස් වසමේ අංක 302, උතුරු

බටගම, ජාඇල ලිපිනයේ දී

වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය

2030 ට නීති විරෝධී ලෙස තීරු

බදු නොගෙවා මෙරටට ගෙන්වන

ලැබු රුපියල් ලක්ෂ 05 කට අධික

වටිනාකමින් යුතු දුම්වැටි

6,000 කට අධික ප්‍රමාණයක්

සන්තකයේ තබාගෙන සිටි ජාඇල

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52

ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා

කදාන පොලිස් ස්ථානය වෙත භාර

දී ඇත.

විශේෂ කාර්ය බලකායට හා නාවික

හමුදාවට ලැබුණු බුද්ධි

තොරතුරකට අනුව විදෙස් රටක

සිට සූක්ෂමව බෝට්ටු මගින්

මෙරටට රැගෙන එන ලද මිලියන

65 ට අධික කේරළ ගංජා කිලෝ

400 ට වැඩි ප්‍රමාණයක් විශේෂ

කාර්ය බලකාය අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන

කඳවුරේ සහකාර පොලිස් අධිකාරී

සාගර කුලෙස්කර මහතාගේ

අධීක්ෂණය යටතේ මූලස්ථාන

කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම්

ඒකකයේ කොළඹ කළාපයයේ

නිලධාරීන්ට හා ශ්‍රී ලංකා නාවික

හමුදා නිධාරීන්ගෙන් ලද බුද්ධි

තොරතුරු වලට අනුව විශේෂ

කාර්ය බලකායේ නිලධාරීන් හා

නාවික හමුදා නිලධාරීන් සමඟ

ඒකාබද්ධව හැඳල තොටුපලවත්ත,

කැළණි ගං මෝය ආශිත ප්‍රද්ශයේ දී

වැටලීමක් සිදු කර ඇත.
එහිදී ධීවර

යාත්‍රාවක් තුළ ඉතා සූක්ෂමව සඟවා

විදෙස් රටක සිට නීති විරෝධී ලෙස

මුහුදු මාර්ගයෙන් ප්‍රථමයෙන්

මීගමුව ප්‍රදේශයට රැගෙන විත්

ඉන්පසු බෝට්ටු හතරක් මගින්

මට්ටක්කුලිය ප්‍රදේශයට රැගෙන ආ

මිලියන් 65 ට අධික කේරළ ගංජා

කිලෝ 400 ට වැඩි ප්‍රමාණයක්

පාර්සල් 185 ක් වශයෙන්

අසුරාගෙන පැමිණ හැඳල

තොටුපලවත්ත, කැළණි ගං මෝය

ආශිත ප්‍රද්ශයේ සගවා තිබිය දී

සැකකරුවෙකු සමග මෙම කේරළ

ගංජා තොගය අත්අඩංගුවට ගෙන

ඉදිරි වැඩිදුර විමර්ශණ කටයුතු

සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය

වෙත භාර දී ඇත.
මෙහිදී

අත්අඩංගුවට ගත් පුද්ගලයා හැඳල

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31

හැවිරිදි පුද්ගලයෙකු වන අතර

ජාවාරම සදහා සම්බන්ධ අනෙක්

සැකකරුවන් සොයා විශේෂ කාර්ය

බලකාය නිළධාරීන් වැඩිදුර

විමර්ශණ සිදු කරණු ලබයි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය

බලකාය සිය දෛනික වැටලිම්වලදී

තවත් සිදුකල වැටලීම්වලදී (22)

අරලගංවිල කඳවුරේ නිලධාරි

පිරිසක් මෙරට නිෂ්පාදිත

වෙඩිබෙහෙත් කොටන ගිනිඅවියක්

සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට

ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ

නිලධාරි පිරිසක් නීති විරෝධි

මත්පැන් ළඟ තබාගැනීමේ වරදට

අයකු අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය 11හි නිලධාරි

කණ්ඩායමක් මෙත්ඇම්පිටමින්

ක්‍රිස්ටල් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය

ග්‍රෑම් සීයක් සමග අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම

කඳවුරේ නිලධාරි පිරිසක් තීරුබදු

රහිතව මෙරටට ගෙනත් තිබු නීති

විරෝධි දුම්වැටි ළඟ තබාගෙන

මුදලට අලෙවි කළ අයකු

අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම

කඳවුරේ නිලධාරි පිරිසක් නීති

විරෝධි මත්පැන් ගෝඩා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. විශේෂ මෙහෙයුම්

111 අංශ නිලධාරි පිරිසක් නීති

විරෝධි මත්ද්‍රව්‍ය වන කැනබිස්

සැටයිවා එල් හෙවත් ගංජා අඩංගුව

පුවක් හා දුම්කොළ මිශ්‍රණයක් ව

මාවා ළඟ තබාගනිමින් සිටි

දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගැනිමේ හා ජාවාරම් කිරීමේ වරදට දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් කැනබීස් සැටයිවා ඉන්දියා හෙවත් කෙරළ ගංජා අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹූල්ල කඳවුරේ නිලධාරියා හා නිලධාරි කණ්ඩායමක් එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නැතිව ගල්වලක් පවත්වාගෙන යමින් ගල්කැඩීමට උපයෝගි කරගනු ලබන වෙඩි බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය කඳවුරේ නිලධාරි පිරිසක් ඩයිසැටයිල් මෝෆින් හෙවත් නීති විරෝධි හෙරොයින් මිලිග්‍රෑම් 340ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් ගමන් මල්ලෙහි සුදු පැහැති කොට කිලිසමක ඉනවාටියේ සූක්ෂම ලෙස සඟවාගෙන සිටි එයාර්ටෙල් වර්ගයේ සිම්පතක් ළඟ තබා ගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. එම බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් කහ පැහැති පොලිතින් කැබැල්ලක ඔතා තිබු දුම්කොළ සුරුට්ටු එකක් සැකකරුවෙක නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් කහ සහ සුදු පැහැති පොලිතින් කැබිලිවල ඔතා තිබු PREGABLIN පෙති යැයි සැකකළ හැකි ඖෂධ පෙතිවල කුඩු සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස සින්නආරු ඇල තුලට ට්‍රැක්ටර් බස්සවා ඇල ඉවුරට හානිවනසේ වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් අනවසරයෙන් රක්ෂිතය තුලට ඇතුළුවි වැලිකැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු එම ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි කපා ප්‍රවාහනයට සූදානම් කර තිබු බුරුත දැව කඳන් විස්සක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් 13ක් හා ටාටා කැබ් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් ඩයසිටයිල් මොෆින් හෙවත් හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පර්චස් තිහක පමණ භූමි ප්‍රමාණයක අඩි දෙකක් පමණ උස ගංජා පැළ 15555ක් පමණ වගා කර තිබු පැළ තවානක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments