29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කිරි ගොවියා ට රුපියල් සීයක ඉහල මිලක් දියර කිරි සදහා ලබාදීමටත්,නාරාහේන්පිට...

කිරි ගොවියා ට රුපියල් සීයක ඉහල මිලක් දියර කිරි සදහා ලබාදීමටත්,නාරාහේන්පිට කිරි කර්මාන්තශාලාව එම ස්ථානයේම පවත්වා ගනිමින් අවශ්‍ය නවීකරණයන් කිරීමටත් ජනපති නියෝග කරයි.

කිරි ගොවියා ට රුපියල් 100 /= ක ඉහල මිලක් දියර කිරි සදහා ලබාදීමටත්, නාරාහේන්පිට කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයේම පවත්වා ගනිමින් අවශ්‍ය නවීකරණයන් කිරීමටත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උපදෙස් ලබා දුන්නා. ඒ අද දිනයේ නාරාහේන්පිට මිල්කෝ ආයතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් කිරි නිෂ්පාදන වල මිල කිසිසේත් ඉහල නොදමන බවද මෙහිදී මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා කියා සිටියා

මිල්කෝ නාරාහේන්පිට කල්කිරි බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාව 1957 වසරේ නෙදර්ලන්ත ආධාර මත ඉදිකරන ලද්දක්.  ලොව පැරණිතම කල්කිරි බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාව මෙය බවයි මෙහිදී අනාවරණය වූයේ. කෙසේ වෙතත් මෙම කර්මාන්ත ශාලාව මෙම ස්ථානයෙන් ගලවා ඉවත් කරන බවට පැවති මතයද මෙහිදී අවසන් වුනා. ඒ ජනාධිපතිතුමා මෙම කර්මාන්ත ශාලාව මේ ස්ථානයේම පවත්වාගෙන යාමට අවසර දීම හේතුවෙන්. යෝගට් නිෂ්පාදන ඒකකය, අයිස්ක්‍රීම් නිෂ්පාදන පරිශ්‍රය මෙන්ම කල්කිරි බෝතල්කිරීමේ ඒකකය ඇතුළු සියලු ප්‍රදේශ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා.

මෙම අවස්ථාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් , රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරුණ සමරදිවාකර , මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments