26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

ETF එකේ EPFඑකේ වැඩකරන ජනතාවගේ සල්ලි මංකොල්ල කනවා කිව්වා. හැබැයි පැහැදිලිව කියනවා අපි එහෙම වැඩකරන ජනතාවගේ මුදල් මංකොල්ල කන්නේ නෑ.වැඩකරනජනතාව කුලප්පු කරලා ආණ්ඩුවට විරුද්ධව බිල්ලෝ මවන්න උත්සහ කලත් එහිදි විපක්ෂය අසමත්.

තුන්වෙනි එන්නත් මාත්රාතව දැනට 50% ප්රපමාණයක් ලබා ගෙන තිබෙනවා. ඒ තුළින් රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නාවු ක්රි යාමාර්ග සියල්ලම රජයක් විදිහට අරගෙන තිබෙනවායැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා අදහස් දක්වමින්,
“අර්බුදයන් කියන එක ලෝකයේ කොයි රටකටත් පොදු අරමුණක්. අර්බුද කියන දේ අපි කවුරුත් බලාපොරොත්තු වන දේවල් නොවේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි පළමුව බලය පිහිටු වන්නේ පළාත් පාලන මැතිවරණය 2018දි. ඉන්පසු විශාල පරිශ්රෙමයකින් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීමට, ජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම පිණිස ලක්ෂ 69 ගේ විශ්වාසය දිනු සෞභාග්යක දැක්ම ප්ර8තිපත්ති ප්ර කාශය කරලිය ගෙන ඒමෙන් අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයට පත් වෙනවා. ඒ අවස්ථාවේ තමයි අපි අනපේක්ෂිතවකොරෝනා වසංගතය නම් අර්බුදයකට පත් වෙනවා. එහෙත් අපිරටක් විදිහට අපේ නායකත්වයත් එක්ක ගිහිල්ලා මේ අර්බුදය ඉතාම මැනවින් කළමණාකරණය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එන්නත් නිෂ්පාදනය කරපු රටවල්වල පවා තාම සම්පූර්ණයෙන් එන්නතකරණය කර ගන්නට බැරි වෙලාතිබෙද්දි පළමු එන්නත් මාත්රාසව ද දෙවනි මාත්රාවව ලබා දෙන්නත් අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම තුන්වෙනි එන්නත් මාත්රාවව දැනට 50% ප්ර්මාණයක් ලබා ගෙන තිබෙනවා. ඒ තුළින් රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නාවු ක්රිධයාමාර්ග සියල්ලම රජයක් විදිහට අරගෙන තිබෙනවා.
ඒ වගේම රටේ විදුලි අර්බුදයක්තිබෙනවා. ඩොලර් අර්බුදයක් තිබෙනවා. ඒ සියල්ල මැනවින් කළමණාකරණය කර ගැනීම සඳහා දක්ෂ නායකත්වයක් අපිට ලැබිලා තිබෙනවා. අපේ නායකත්වය කවදාවත් අර්බුද හමුවේ පලාගියපු නායකත්වයක් නොවේ. ඒ නිසා මේ අර්බුද කළමණාකරණය කර ගැනීම සඳහා අවස්ථානුකූලව ගැනීමට අවශ්ය් ක්රිමයාමාර්ග අරගෙන ජනතාව වෙත සහන සැලසීම සඳහා කැපවී සිටිනවා.
යුක්රේන් අර්බුදයේදී දේශපාලන පැත්ත කෙසේ වෙතත් එහි ආර්ථිකමය පැත්ත අපේ රටටත්බලපානවා.දැනට අරාබිකරයෙන් තෙල් ගන්න රටවල්වලට ඊට වැඩි ඉල්ලුමක් ලැබෙනවා.ඒ ඉල්ලුමට අවශ්යා සැපයුම සකස් කර ගැනීමට නොහැකි වීම තුළ තෙල් මිලේ ඉහළ යාමේ ප්රලවණතාවයක් දකින්නට පුළුවන්. මේ සියල්ලම අපිට කළමණාකරණය ගන්නට වෙන්න වෙනවා. අපි තෙල් නිපදවන්නේ නැති රටක් විදිහට. ඒ නිසා මේ අර්බුදයන් ජයගැනීම සඳහා ලොකු වගකීමක් රජය කරපිට තිබෙනවා. හැබැයි රජය ඒ සඳහා සියලුම අවශ්යය ක්රිුයාමාර්ග ගන්නවා.
ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම් සභාව කියනවා මාස 03 කට විදුලිය කපන්න අවශ්යග නැ කියලා. නමුත් දැන් විදුලිය කපනවා කියලා ප්‍රකාශ කරනවා. මේ ආයතන තිබෙන්නේ තමන්ට හිතන හිතන වේලාවට විදුලිය කපන්න නොවේ. අපි දන්නවා ඩොලර් අර්බුදය , ඉන්දන අර්බුදය ඒවා කලින් හදුනගෙන ඒවාට අවශ්යන ක්රිවයාමාර්ග ගැනීමයි මේ ආයතනවලින් සිදු කරන්න ඕන. පහුගිය කාලයෙ තිබුණු අර්බුදය එහි ප්‍රතිපලත් එක්ක එය කළමණාකරණය කරමින් මාධ්‍ය වාර්තාකරණයට පෙළඹිලා තිබෙනවා.නාමල් කරුණාරත්නගේ ව්‍යාපාර තුළ රැවටිච්ච ගොවියෝ ඔවුන්ගේ කුඹුරු ටික කළේ නෑ. නමුත් කම්මැලි නොවුනුගොවියෝ ටික කාබනික පොහොරත් යොදාගෙන තම වගාවන් ඉතා උපරිමයෙන් ශක්තිමත් විදිහට කරලා හොඳ ආදායමක් ලබාගෙන තිබෙනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත ජගත් කුමාර මහතා අදහස් දක්වමින්,

“රුසියාව සහ යුක්රේනය අතර තිබෙන යුද්ධය ලෝකයේ හැම රටකටම යම් යම් ආකාරයෙන් ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් බලපෑම් සිදුවෙනවා. මේ තත්වය තුළ අපේ රටත් සමඟ තිබෙන සම්බන්ධතා මේ රුසියානු සහ යුක්රේන්යුධමය වතාවරණයත් එකක් ගිලිහෙන්න පුළුවන්. මේ රටවල් දෙක අපේ නිෂ්පාදන කටයුතු සඳහා විවිධවූ සහයෝගයන් ලබා දෙනවා. මේ රටවල් දෙකේ මේ යුද්ධය අපිට තවත් බරපතල අර්බුදයකට ලක්කරයි කියලා අවිනිශ්චිත තත්වයක් තිබෙනවා.
අපි මේ අර්බුද මැද්දේ ඉදිරියටයන රටක් විදිහට, කොරෝනා ව්යිසනය තුළ අපි සාර්ථකයි. විපක්ෂයට මතක් කරන්න ඕනමේ රට අසමත් නොමැති බව. මැතිවරණයකදී ජනතාව ඒ තින්දුව ගන්නවා. මේ විපක්ෂය පහුගිය කාලයේ සමත් වූණා ද. ඒ අයගේ ආණ්ඩුව කාලයේ නැවත ත්ර ස්තවාදය කරා යන්නට ඔවුන් කටයුතු කළා. ජාතික ආරක්ෂාව තුට්ටුවට දාලා කටයුතු කළා. මේ රටේ ජනතාවට තිබුණු එදිනෙදා ප්රිශ්න තව තව ඉහළ ගියා මිස විසඳුනේ නෑ. හැබැයි අපේ ආණ්ඩුව අමාරුකම් මැද්දෙත් අපි 63 දහකට ආසන්න ප්රවමාණයකට රැකියා ලබා දුන්නා. යහපාලනආණ්ඩුවේ විශාල වශයෙන් අපරාද වෙනකොට නිෂ්ශබ්දව හිටපු වර්තමාන විපක්ෂ නායකතුමාටඅද මේ ආණ්ඩුව Fail කියන්න සදාචාර අයිතියක් නෑ.
මේ තිබෙන ආඩුපාඩු අපි හදාගත්ත ඒවා නොවේ. මේවා ලෝක වසංගතයත් එක්ක ආපු අඩුපාඩු. මේ වියදම ඉහළ යන එක අද තිබෙන තත්වයට වඩා දෙතුන් ගුණයකින් වැඩිවෙනවා හෙට අනිද්දාවන විට රුසියාව සහ යුක්රේනය අතර තිබෙන ප්රෙශ්නයත් එක්ක.තෙල් මිල වැඩිවෙන්න ගත්තා. ඩොලර් හිඟය තවත් වැඩිවෙනවා. ඒ අර්බුද එනකොට නැවතත් අපේ රටට බලපානවා. මේ විපත්වලට පහුගිය ආණ්ඩුව හිටිය නම් අද වන විට ලක්ෂ ගණන් මැරෙන්නත් තිබුණා. නමුත් අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා මරණ ප්ර මාණය සීමා කරගෙන රෝගීන් ප්රලමාණය සීමා කරගෙන රටේ ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න. නැවතත් අපි සංචාරක කර්මාන්තය ආරම්භ කරලා තිබෙනවා. හැම කාරණයකට මූල බීජය වන්නේ පහුගිය කාලයේ ඇතිවෙච්ච කොරෝනාව්යකසනය කියන කාරණාව අපි කවුරුත් දන්නවා. හැබැයි හැම තිස්සේම විපක්ෂය අපිට දෝෂාරෝපණය කරනවා. අපි මේ කොරෝනා වසංගතය කළමණාකරණ කර ගැනීමට හැකි වුණේ අපි නිසි වේලාවට එන්නත ගෙනල්ලා රටේ ජනතාවට ලබා දුන්න එකයි. අපි විශ්වාස කරනවා ඉදිරි කාලයේ තුළ නැවත රට යම් යහපත් තැනකට ගෙන්න පුළුවන්කම ලැබෙයි. එහිදි මේ තිබෙන අර්බුද බොහෝමයකට විසඳුම් දීමට හැකි වෙයි. ආණ්ඩුව අර්බුද මැද්දේ වුවද ජනතාවන්ට විශේෂ දිමනා අපි ලබා දුන්නා.
මේ සියලු විදුලි ප්‍රශ්නයට මුල යහපාලන ආණ්ඩුවයි. පහුගිය කාලය තුළම කිසිදු විදුලිබල ධාරිතාවක් රටට එකතු කරලා තිබුණේ නෑ. රටේ තිබෙන විදුලි ප්‍රශ්නයට විසඳුම් හොයන්න කටයුතු නොකරපු විපක්ෂයට පුළුවන්කමක් නෑ අපිට දෝෂාරෝපණය කරන්න. විදුලිය කළමණාකරණය නොකරපු නිසා තමයි නොරොච්චෝලේ විශාල අර්බුද මැද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එය හැදුවේ. ඒ ගත්ත දූරදර්ශි තීන්දු නිසා රට යම් හොඳ තැනකට ඇවිල්ලා තිබෙන්නේ. ඉදිරි කාලයේ තුළ අපි නැවතත්න විදුලි උත්පාදනය වැඩි කරන්න ක්රපමවේද භාවිතා කරන්න ඕන.
විපක්ෂය පහුගිය දිනවල ආණ්ඩුවට විවිධ චෝදනාවන් කළා. ETF එකේ EPFඑකේ වැඩකරන ජනතාවගේ සල්ලි මංකොල්ල කනවා කිව්වා. හැබැයි පැහැදිලිව කියනවා අපි එහෙම වැඩකරන ජනතාවගේ මුදල් මංකොල්ල කන්නේ නෑ.වැඩකරනජනතාව කුලප්පු කරලා ආණ්ඩුවට විරුද්ධව බිල්ලෝ මවන්න උත්සහ කලත් එහිදි විපක්ෂය අසමත්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments