මේ ආණ්ඩුවට 19 වෙනස් කරන්න තිබුණ හදිස්සිය සුද්දගේ කාලේ ඉදලා එන නිරෝධායන පනත වෙනස් කරන්න තිබුණේ නෑ.අද රටම අවදානමකට දාලා- විපක්ෂ නායක සජිත් අනුරාධපුර ඉසුරුමුණි විහාරයේ දී කියයි.
නායක සජිත් ප්‍රේමදාස මහතා අදඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයට පැමිණවිහාරාධිපති පූජ්‍යපාද මතව සී සංඝරක්ඛිත සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ විපක්ෂනායකතුමා වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත පිළිබඳව අදහස් දැක්වීය.
ආණ්ඩුව ප්‍රමුඛතාවය දී ඇත්තේ අවශ්‍ය දේට නොව අනවශ්‍ය දේට බවත්,අඩු තරමේ නව සෞඛ්‍ය පනතක් සහ නව නිරෝධායන පනතක් ගෙන එන්නටවත් උවමනාවක් ආණ්ඩුවට නැති බවත් ඒ මහතා කීය.
ලිට්මස් පරීක්ෂණ දෙකකදීම ජනතාව ආණ්ඩුව සමත්කොට රටේ පාලනය භාර දී ඇතත් දැන් ආණ්ඩුවේ සත්‍ය තත්ත්වය ජනතාව අවභෝධ කරගෙන ඇති බවත් ඒ මහතා කීය.
ආණ්ඩුවට 19 වෙනස් කරන්න තිබුණ හදිස්සිය නිරෝධායන පනත වෙනස් කරන්න තිබුණේ නෑ
RELATED ARTICLES