28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්රටට සහ අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පූජා කරන මුතු පබළු කරඬුව සෝමාවතී පුදබිමට

රටට සහ අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පූජා කරන මුතු පබළු කරඬුව සෝමාවතී පුදබිමට

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් හා  කොව්ඩි-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සෝමාවතී පුදබිම වෙත පූජා කෙරෙන මුතු පබළුවලින් නිර්මිත කරඬුව පසුගිය දා 2020.10.30 දින අරලියගහ මන්දිරය බෝධීන් වහන්සේ අභියස තැන්පත් කෙරිණි.

අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 203 වැන්න සඳහා වැඩම කළ කරඬුව වැදපුදා ගත් අග්‍රාමාත්‍යතුමා, සෝමාවතී රජමහාවිහාරාධිපති, පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්  වහන්සේව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සෝමාවතී පුදබිම වෙත අද දින කරඬුව භාර කළේය.

මොරටුව, සත් කරඬු ආයතනයේ නදිනි හේවාරත්න මහත්මියගේ සංකල්පයක් අනුව නිර්මාණය කරන ලද අඩි 6ක් උසැති පිත්තල කරඬුව මුතු පබළුවලින් අලංකාරමත් කර තිබේ.

මේ සඳහා මින්දිකා ලේකම්ගේ මහත්මිය ඇතුළු සැදැහැවතුන් පිරිසක් දායකත්වය දැක් වූහ.

අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස  සිට සෝමාවතී පුදබිමට කරඬුව වැඩම කිරීම දිනයේ සිදු වේ.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත් ප්‍රාර්ථනා කරමින්, නොවැම්බර් 17 දිනට යෙදෙන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් හා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම කරඩුව පූජා කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments